මහ මැතිවරණයක් ඉල්ලා ඒකාබද්ධ මෙහෙයුමක්.


මෛත්‍රී - රනිල් ආණ්ඩුව තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකි බැවින් මහ මැතිවරණයක් ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය මෙහෙයුමක් දියත් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.

මෙම මෙහෙයුම සඳහා ශ්‍රීලනිප, ජවිපෙ හා මුස්ලිම් කොංග්‍රසයේ සහයද ලබා ගැනීමේ සාකච්ඡා ආරම්භ කර ඇති බවද එජාපයේ රනිල් විරෝධී කණ්ඩායමේ සහය මෙවර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවට ලැබෙන බවද හෙතෙම පවසයි.

ශ්‍රීලනිපය දෙකඩ වීම වළක්වා ගැනීමට නම් ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ගුණවර්ධන මන්ත්‍රීවරයා එජාප අභ්‍යන්තර අර්බුදයක් සමග ඔවුන්ටද තනි ආණ්ඩුවක් පවත්වා ගෙන යෑමේදී ගැටලු සහගත තත්ත්වයක් මතුවන බැවින් රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීමට ඇති එකම විකල්පය පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම බවද පෙන්වා දෙයි.

Powered by Blogger.