ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තයත් අභිබවයි.


ශ්‍රී ලංකා රජයේ ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල, ලොව වඩාත් ඌන සංවර්ධිත රටවලට වඩා ඉහළ මට්ටමක පවතින බව Moody’s Investors Service නිවේදනයක් මගින් අනාවරණය කර සිටී.

2017 වසර සඳහා Moody’s විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ ස්වාසිලන්තය, ඉතියෝපියාව, උගන්ඩාව, රුවන්ඩා, ඝානාව යන රටවල මධ්‍යම රජයේ ණය - දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් ලෙස ගණනය කළ විට, ශ්‍රී ලංකාවට වඩා පහළ මට්ටමක පවතින බවයි.

Moody’s වාර්තාවට අනුව දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් ලෙසින් වැඩිම ණය බරකට හසුව සිටින්නේ ග්‍රීසිය යි. එය 180% කි. මෙය ශ්‍රී ලංකාවේ අගය 80% ක් ලෙසින් වාර්තා වේ.

Powered by Blogger.