ජනපති-අගමැති අතර අර්බුදයක් නැහැ?


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අර්බුදයක් පැන නැගී නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

ලබන කැබිනට් රැස්වීමට පෙර සිදුවූ වැරදි හා අඩුපාඩු නිවැරදි කර ගනිමින් ජාතික ආණ්ඩුව සමඟ ඉදිරියටම යන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදෙනු ලැබුවේද ඒ ආකාරයටම බවත් ඇමැතිවරයා කීය.

ඊයේ (10) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් සහභාගි නොවූවද තම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර නැති බවත් විශ්වාස භංගයට පක්ෂව කටයුතු කළ ඇමැතිවරුන් සිය ධුරවලින් ස්වකැමැත්තෙන් ඉවත්වන්නේ නම් එයට පක්ෂයට හෝ ජනාධිපතිවරයාට කළ හැකි දෙයක් නොවන බව කී මහින්ද අමරවීර මහතා තම පෞද්ගලික අදහස් මෙන්ම පක්ෂයේ බහුතරයකගේද අදහස වන්නේ කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමඟ ඉදිරියට යායුතු බව යැයිද අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක මතයක සිට ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සහය දක්වන බවත් පවසන මහලේකම්වරයා ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදුවන අතර විශ්වාසභංගයට පක්ෂව කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට ආණ්ඩුව තුළ කිසිඳු වෙනස්කමක් හෝ කෙනෙහිලි සිදුනොවනු ඇතැයිද කියයි.

මහලේකම්වරයා මේ බැව් අනාවරණය කෙළේ ඊයේ (10) ධීවර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Powered by Blogger.