ජනපති - අගමැති ‘ගැටුම‘ අවසන් : සුසිල් විපක්ෂයට : කැබිනෙට්ටුව බ්‍රහස්පතින්දා එයි.


පලාත් පාලන මැතිවරණයෙන් ජනාධිපතිවරයා හා අගමැති වරයා අතර හට ගෙන තිබූ අභ්‍යන්තර ගැටුම අද දහවල් වන විට මුළුමනින්ම සමතයකට පත් වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව රනිල් විකුමසිංහ මහතා තවදුරටත් අගමැති ධුරයේ කටයුතු කිරීමටත්, කැබිනට් මණ්ඩලය මුළු මනින්ම ප්‍රතිංවිධානය කිරීමට එකගත්වය පළ කර තිබේ.

ඒ අනුව කැබිනට් සංශෝධනය ලබන බ්‍රහස්පතින් දා සිදු කිරීමට නියමිතය.

සුසිල් ප්‍රේමජයන්ත විපක්ෂයට

නිමල් සිරිපාල සිල්වා මහතාව අගමැති කිරීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබා ගත නොහැකි වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු ශ්‍රිලනිප මන්ත්‍රීවරන් කිහිප දෙනෙකු හෙට විශේෂ පුවත්පත් සාකච්ඡාවක් කැදවා විපක්ෂයකට එක් වීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

නීතිය හා සාමය අමාත්‍යාංශය ෆොන්සේකාට


කැබිනට් සශෝධනයේදී නීතිය හා සාමය අමාත්‍යාංශය ෆීර්ඩ් මාර්ෂල් සරත් ‍‍ෆොන්සේකා මහතා අතට පත් කරන්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක්ද කර ඇතැයි මේ අතර වාර්තා වේ.

විදෙස් බලපෑම්

තවද  විදෙස් තානාපති කාර්යාල කිහිපයක්ම යහපාලන ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට ජනපතිට හා අගමැතිවරයාට සහයෝගයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

සන්සුන් වෙන්නැයි රනිලුත් කියලා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුහුණදී සිටින අර්බුදය තේරුම්ගෙන සන්සුන්ව කටයුතු කරන ලෙසත්, සුසිල් ප්‍රේමජයන්තලා ඇතුළු ශ්‍රීලනිපය විපක්ෂයට යනබවත්, ලබන බ්‍රහස්පතින්දා නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දෙන බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පෙරවරුවේ ඒ මහතා හමුවීමට පැමිණි තරුණ මන්ත්‍රීවරු පිරිසකට පවසා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පහරදීමට කාලය එළඹ ඇතැයි යනුවෙන් පවසමින් එම මන්ත්‍රීවරු අද (17) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී ඔවුන් සන්සුන් කරමින් වික්‍රමසිංහ මහතා මෙසේ අවවාද කර තිබේ.

රාජපක්ෂවරුන් සමඟ සන්ධානගතවුවහොත් ඔහුට හා පවුලට අත්වන ඉරණම සම්බන්ධයෙන් වඩාත් හොදින් දන්නේ සිරිසේන මහතා බවද වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත.

ව්‍යවස්ථාවට අනුකූලව විසඳගමු

මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ගැටලු විසඳා ගැනීම වඩාත් යෝග්‍ය බවත්, ඒ අනුව ජනාධිපතිවරයාටත් පක්ෂයෙන් එල්ලවී ඇති අභියෝගවලින් ආරක්ෂාවීමට සිදුව ඇති බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

එහෙයින් මොනම තත්ත්වයක් යටතේ වුවද, තම කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාමට තමා ජනාධිපතිවරයාට පොරොන්දුව සිටින බවද අග්‍රාමාත්‍යවරයා හෙළිකර ඇත.

Powered by Blogger.