එක්සත් ජාතික පෙරමුණට අවශ්‍ය ආණ්ඩුවක් පිහිටුවන බවට රනිල්ගෙන් පොරොන්දුවක්!


එක්සත් ජාතික පෙරමුණට අවශ්‍ය ආණ්ඩුවක් පිහිටුවාගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම්දී තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භවීමට ප්‍රථම ඊයේ (04දා) පාර්ලිමේන්තුවේදී පැවැති ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අග්‍රමාත්‍යවරයා මේබව දැනුම්දී ඇත.

ජාතික ආණ්ඩුවට එක්ව සිටින හවුල්කාර පක්ෂයක් වන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හැසිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අග්‍රමාත්‍යවරයාගෙන් විමසා තිබේ.

එයට පිළිතුරු දෙමින් එක්සත් ජාතික පෙරමුණට අවශ්‍ය ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට තමන් සූදානම් බව මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පවසා ඇත.

ඒ අනුව ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ අද(05දා) සිට ආරම්භකරන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

Powered by Blogger.