මේජර් ජනරාල් අමල් කරුණාසේකර ට රටෙන් පිටවීම තහනම් වේ.


ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් එවකට කොළඹ මෙහෙයුම් භාරව සිටි ආඥාපති මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාට රටෙන් පිටවීම තහනම් කරමින් අද ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝගයක් පනවනු ලැබීය.

මේ වන විට හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න නානායක්කාර, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී යන අයට ද රටෙන් පිටවීම තහනම් කිරීමේ නියෝග අධිකරණය විසින් ලබා දී ඇත. මේ අනුව මේජර් ජනරාල් අමල් කරුණාසේකර, ලසන්ත ඝාතනය ට අදාළ විමර්ශනයේදී මෙවැනි නියෝගයකට ලක්වූ සිව්වැනියා බවට පත්වේ.

මේ සිව්දෙනා නුදුරේදී ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතය.

Powered by Blogger.