සම්බන්ධන් මැතිවරණ වේදිකාව පිනවයි : උපන් දිනයත් වේදිකාවේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම දෙමළ ජාතික සන්ධානය මැතිවරණ වේදිකා තුළ මෙසේ රණවිරු ගීත ගායනා කර ඇත.
මෙහිදී මැතිවරණ නිරීක්ෂණ සංවිධානයන්ද මෙම ක්‍රියාව හෙළා දැක මෙසේ රණවිරු ගීත ගායනය නැවැත්වීමට නියෝග ලබාදී ඇත.
දෙමළ ජාතික සන්ධානය එල්.ටී.ටී. ඊ සංවිධානයට හිතවත් පිරිස් මැතිවරණ රැළි සඳහා ගෙන්වා ගැනීමට මෙසේ විරු ගායනා ඉදිරිපත් කරන බවද යාපනය ආරක්ෂක අංශ කියා සිටී.
උපන්දිනේ වේදිකාවේම සමරයි
දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාගේ 86 වැනි උපන්දිනය පෙරේදා(5 දා)ට යෙදී තිබිණි.
විපක්ෂ නායකවරයා එදින ත්‍රිකුණාමලය අන්බුවලිපුරම් ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්රචාරක රැළියකට සහභාගීව සිටි අතර සිය උපන්දින කේක් ගෙඩිය කපනු ලැබුවේ එම වේදිකාවේ සිටය.
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් හිටපු අධ්‍යාපන ඇමති දණ්ඩායුධපානි මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක්ද සහභාගී විය.