මුදලට යට නොවූ මන්ත්‍රීන් හයදෙනෙක් පාර්ලිමේන්තුවේ?


පාර්ලිමේන්තුවේ මුදල් හොරකම් නොකරපු මන්ත්‍රීවරු සිටින්නේ හය දෙනෙක් පමණක් බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේදී පැවැති ජන හමුවක් අමතමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"මම එක දෙයක්‌ කියන්නම්. රනිල් වික්‍රමසිංහ මහත්තයට වඩා මම දුප්පත්. රවි කරුණානායක මහත්තයට වඩා මම දුප්පත්. සුජීව සේනසිංහ මන්ත්‍රීතුමාට වඩා මම දුප්පත්. හැබැයි මම දන්නවා රවි කරුණානායකගේ මිල මෙච්චරයි කියලා. මට කියන්න පුළුවන් බැඳුම්කර වංචාවට එයාලා හොරු වෙලා ඉන්නේ. සුජීව සේනසිංහගේ විකිණුනේ මේ ගාණට කියන්න පුළුවන්".

"මම අහනවා හඳුන්නෙත්තිගේ ගාණ කියද කියලා. කාට හරි කියන්න පුළුවන්ද පාර්ලිමේන්තුවේ හඳුන්නෙත්තිගේ වටිනාකම මෙච්චරයි කියලා. අනුර කුමාරගේ මිල මෙච්චරයි කියලා කියන්න පුළුවන්ද? අනිත් අයට දැන් ලන්සු තියලා තියෙන්නේ. කෝටි මෙච්චරයි අර ගත්තු ගාණ මෙච්චරයි කියලා. අපේ ගාණ කීයද කියන්නේ කියන්න බෑ. අමිලයි. අපි හොරකම් කරලා නෑ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්නෙ සල්ලිවලට යට නොවූ මන්ත්‍රීවරු හය දෙනයි. ඒ ජනතා විමුක්‌ති පෙරමුණේ හය දෙනා විතරයි". යැයි පැවසීය.

තවද ජනතා විමුක්‌ති පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණය දිනන හැම කොට්‌ඨාසයකම ශ්‍රී ලංකා, යූ. ඇන්. පී. භේදයකින් තොරව ගමේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා විද්වත් කමිටුවක්‌ පත් කොට සංවර්ධන අරමුදලක්‌ පිහිටුවීම සඳහා කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.

එමෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණේ දිනන මහා ජන නියෝජිතයාගේ පළමු මාසික දීමනාව සංවර්ධන අරමුදලට බැර කිරීමට දිවුරුම් දී සහතික වී ඇති බවද හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Powered by Blogger.