අගමැතිකම බාර ගන්නැයි මහින්දට ආරාධනයක් : එජාපය විපක්ෂයට යයි.


පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් ආණ්ඩුවට අන්ත පරාජයක් ලැබී ඇති අතර ඒ අනුව ජනමතයට ගරුකරමින් අගමැති ධුරය බාර ගන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරධනා කරන්නැයි ජනාධිපතිවරයාගේ උපදේශකයින් කිහිප දෙනෙකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මැතිවරණ ප්‍රතිපල අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට තවදුරටත් ආණ්ඩුවේ තනතුරු දැරීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි එම උපදේශකයින්ගේ ස්ථාවරය වී ඇත.

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකු හෙට ජනාධිපතිවරයා හමුවී සිය ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි පැවසේ.




'විපක්ෂයට යායුතුයි' - චම්පික දැඩි ස්ථාවරයක

පළාත් පාලන මැතිවරණයේ ජනවරමට ගරුකරමින් මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුව බාරදී විපක්ෂයට යායුතු බව අමාත්‍ය චම්පික රණවක මහතා යෝජනා කරයි.

චම්පික රණවක මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ පැතිරයන ආරංචිය සම්බන්ධයෙන් කල විමසීමකදී ඔහුගේ සම්බන්ධිකරණ නිලධාරියකු එබව පැවසිය.


ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින බව ද ඔහු කියා සිටියේය.

Powered by Blogger.