ආණ්ඩුවෙන්ම පට්ට ගැසූ රවී දිනලා : රනිල් අගමැති ධුරයෙන් ඉවත්විය යුතුයි.


මැතිවරණ වේදිකාවේදී ජනාධිපතිවරයාගේ මෙන්ම ආණ්ඩුවේම ඇතැමුන්ගේ දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්වූ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සංවිධායක ධුරය දරන උතුරු කොළඹ ආසනයෙන් එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබී තිබෙන බව වාර්තාවේ.

එම ආසනයේ එජාපය කොට්ඨාශ නමයෙන් නමයම ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති අතර, උතුරු කොළඹ ආසනයෙන් එජාපය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 17ක් කොළඹ නගර සභාවට තේරී පත් වී තිබේ.

එජාප නායකයින් බොහෝ පිරිසක් තමන් නියෝජනය කරන ආසන පරාජයට පත්ව ඇති මොහොතක රවී කරුණානායක මහතා ලැබූ ජයග්‍රහණය විශේෂත්වයක් ගනී.

බැඳුම්කර ගණුදෙනුව සම්බන්දයෙන් එල්ලවූ චෝදනා හේතුවෙන් තමන් දැරූ අමාත්‍ය දුරයෙන් ඉල්ලා අස් වීමට රවී කරුණානායක මහතා මීට මාස කිහිපයකට ඉහතදී සිදුවිය.

ඒ අතර බැඳුම්කර කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීමට එජාපයේ නායකයා විසින් පත්කළ මාරපන කමිටුවෙන් ද ඔහුව පක්ෂයේ උප සභාපති ධුරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට යෝජනා කර තිබිණ.

කෙසේ වෙතත් බැඳුම්කර ගණුදෙනුවට තමන් සම්බන්ධ බවට එල්ලවූ චෝදනා සත්‍ය නොවන බවත් මහ බැංකුව සහ රාජ්‍ය බැංකු තමන් යටතේ නොතිබුණු බවත් හිටපු ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

රනිල් අගමැති ධුරයෙන් ඉවත්විය යුතුයි - දිනේෂ්

අද පැවති පළාත් පාලන මැතිවරණයේ දි ලැබී ඇති ජනමතයට අවනත වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු යයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මැතිවරණ ප්‍රතිපල නිල වශයෙන් ප්‍රකාශකළ වහාම මාධ්‍ය හමුවක් කැඳවා එම ඉල්ලීම කරන බව ඔහු කියා සිටියි.

'ජනමතය අනුව අගමැති වෙනස් විය හැකියි' - ඇමති සුසිල්

මේ අතර අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසන්නේ, අද පැවති පළාත් පාලන මැතිවරණයේ දි ජනමතය වෙනස් වුනොත් ආණ්ඩුව, අගමැති සියල්ලම වෙනස් විය හැකි බවයි.

''2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයේ දි ජනමතය වෙනස් වූනා, ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුනා. ඒ අනුව පෙබරවාරි 10 වෙනිදා (අද) ජනමතය වෙනස් වීමට ඉඩ තියෙනවා.එතකොට අගමැති වෙනස් වෙයි'' යයි අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසුයේ පසුගිය දා මාධ්‍ය හමුවකදිය.


''ආණ්ඩු තියෙන්න පුලුවන්, නැවත පිහිටුවා ගන්න පුලුවන්, මැතිවරණ තියෙන්න පුලුවන්. නමුත් රටක පැවත්ම සඳහා රටේ ආර්ථිකය හැසිරවීම මීට වඩා වගකීමකින් කටයුතු කල යුතුයි'' යන්න මෙම පලාත් පාලන මැතිවරණය ඉලක්ක කරමින් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Powered by Blogger.