Ads Top

Ray Ad

මුසාමිල් නැති කොළඹ : එජාපය අර්බුදයට ගිහින්.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස අසාඩ් සාලි මහතා ඉදිරිපත්වන හෙයින් තමාට ඔහු තරග කරන කොට්ඨාශයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස කොළඹ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා විසින් කල පළාත් පාලන මැතිවරණ නාමයෝජනාවලට පෙර කල ඉල්ලීම එජාපයේ ඇතැමුන්ගේ බලපෑම් මත ප්‍රතික්ෂේප වීම මේවනවිට එම පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතිනබව 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මුසම්මිල් මහතා එම යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ, තමා මැලේසියානු මහ කොමසාරිස් ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බවටත්, ජයග්‍රහණයකින් පසු කිසිඳු විටෙක නගරාධිපති ධුරය බලාපොරොත්තු නොවන බවටත් සහතික වෙමිනි.

එජාප කොළඹ දිස්ත්‍රීක් නායක රවී කරුණානායක, පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම හා මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් එම යෝජනාවට එකඟතාවය පළකර ඇතත් ප්‍රබල විරෝධයක් හමුවේ එම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ.

මෙය එජාපයට හිතවත් ප්‍රබල මුස්ලිම් පිරිසකගේ කනස්සල්ලට හේතුවී ඇත.

එසේම, ශ්‍රීලනිපයේ උවමනව මත අමාත්‍ය මනෝ ගනේෂන් මහතා වෙනම තරග කිරීම ද එජාප කොළඹ සුළු ජන ඡන්ද පදනමට බරපතල බලපෑමක් එල්ලකර තිබේ.

මෙය බරපතල දේශපාලන කාරණයක් වී ඇත්තේ, අලුත් පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුල කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන රාශියක ආණ්ඩු පිහිටුවීම ගැටලුවක්වීමේ අවධානමක් මතුව තිබෙන තත්ත්වක් තුලය.

 ඇමති චම්පිකගේ විග්‍රහය මෙන්න :

මේ අතර, බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ, පළාත් පාලන ප්‍රතිඵලය කවරක් වුවත් පළාත් පාලන ආයතනය රාශියක ආණ්ඩු පිහිටුවීම ප්‍රශ්ණයක් බවයි.

සිය ෆේස්බුක් පිටුවට ඔහු කළ අදහස් දැක්වීමක මේ බව සඳහන් වෙයි.

එසේම ප්‍රධාන දේශපාලන පක්ෂ රාශියක ඉරණම තීරණය වන මැතිවරණයක් ලෙස පළාත් පාලන මැතිවරණය හැඳින්විය හැකි බවත් ඔහු පවසයි.

“2018 වර්ෂය කිසියම් ආකාරයකට ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂෙත්‍රයේ සංක්‍රමණික වර්ෂයක්. මේ වර්ෂයේ පෙබරවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා. පළාත් පාලන මැතිවරණවල ප්‍රතිපල කවරක් උනත් පවතින ඡන්ද ක්‍රමය නිසා පළාත් පාලන ආයතන සැලකිය යුතු ප්‍රමාණයක ආණ්ඩු පිහිටුවීම ප්‍රශ්නයක් වී තිබෙනවා.

ඒ අනුව පක්ෂ අතර ඇතිවන එකඟතාවයෙන් යුතු පළාත් පාලන ආණ්ඩු ඇතිවන බව නම් දැන් තබාම කිව යුතුයි.

ඒවගේම මේ ක්‍රියාවලියත් සමග ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයේම, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ වගේම එක්සත් පොදු පෙරමුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පක්ෂයේ මේ සියළුම දෙනාගේ දේශපාලන ඉරණම මෙයින් තීන්දු වෙනවා.

බොහෝ දෙනෙක් තමන් බලගතුයි, තමන් හොල්ලන්න බැහැයි කියා සිතුවට මේ මැතිවරණයේදී ඔවුන්ට එක්තරා ආකාරයකට පොදු ජනතාවගේ තීන්දුව පෙන්න පටන් ගන්නවා.

මහජන රැළිවලට ලක්‍ෂ ගණන් සෙනග සල්ලි දීලා, බස් දාලා අද්දවගෙන ආවට මොකද ජනතාවගේ තීන්දුව ඊට වඩා වෙනස් බව 2015 දී ඔප්පු උනා”

මිලින්ද රාජපක්ෂගේ සටහනක්


‘මචං කොළඹ නම් අමාරුයි නේද?’ පොහොට්ටුව රටම දිනයි කියල හිතන අයත් සමහරවිට කෝල් කළහම අහන්නෙ ඔය ප්‍රශ්ණය. යු එන් පී ලිස්ට් එක රිජෙක්ට් වුන වෙලේ ත්‍රී වීල් එකක් එලව එලව හිටපු මල්ලි කෙනෙක් පෙන්නලා එයාව නගරාධිපති කරවපු යු එන් පී හාදයන්ට, අපි තරුණ බුද්ධිමතුන් කියල කීවට ලොකුවට දැනෙන එකක් නැහැ කියල මටත් මුලදි හිතුන. නමුත් කොළඹ මහා නගර සභාවෙ චන්ද වැඩට බැහැල මිනිස්සුත් එක්ක කතාබහ කරද්දී තමයි මට පහත දේවල් ටික තේරුණේ.
රෝසි කියන්නේ සම්ප්‍රධායිකව කොළඹ යු එන් පීය දිනවන වර්ගයේ අපේක්ෂකයෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් යු එන් පියට කොළඹ දිනවල දෙන්නේ මුස්ලිම් සහ දෙමළ අපේක්ෂකයන්ගේ මූලිකත්වයෙන්. හිටපු නගරාධිපතිතුමා තමයි හොදම උදාහරණය. මෙවර ඔහු ප්‍රසිද්ධියේම මැතිවරණ කටයුතුවලින් ඉවත්වෙලා. අනෙක් අතට යු එන් පියට නායකත්වය දෙන දෙදෙනාම, රෝසි සහ අජිත්, සිංහල. මේ තත්වය ඔඩු දුවපු තැන තමයි මනෝ ගනේෂන් වෙනමම දෙමළ අපේක්ෂකයන්ගේ ලිස්ට් එකක් එක්ක කොළඹ චන්දෙට එන එක. ඔහුට සිරිසේන ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම සහය ලබාදෙන විත්තියත් පේනවා.
යහපාලන ආණ්ඩුවේ ලොකුම බෙදීම පෙන්නපු අනිත් තැන තමයි ආසාද් සාලිව ශ්‍රී ලංකා අපේක්ෂකයා ලෙස පත් කිරීම. ඔහුගේ මුළු චන්ද ව්‍යාපාරයම පදනම් වෙලා තියෙන්නේ කොළඹ මුස්ලිම් චන්ද එක ගොඩකට එක්කිරීම වටා. මේ වෙනකොටත් ඒ කාර්ය සාර්ථක වෙමින් තිබෙනවා. ඔහුට සහය දෙන්න කොලබ ඉහල මධ්‍යම පන්තිකයන් නියෝජනය වන ජේ ආර්ගේ මුණුබුරාත් දැවැන්ත මුල්‍ය සහ මාධ්‍ය ශක්තියක් සමග සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණියත් එකතුවෙන්නේ සම්ප්‍රධායික යු එන් පී චන්ද ටිකකුත් ගලවාගෙන.
ජේ වී පිය දොස්තර රනිල් ජයසිංහත් එක්ක කොළඹ කරන ප්‍රචාරණ ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්ක්කය ‘පාවෙන චන්ද’. මට හිතෙනවා ඔවුන්ගේ චන්ද ප්‍රමාණය 7-10% ප්‍රමාණයකින් ඉහළට ඔසවාතබන්න ගියපාර යහපාලනයට සහය දැක්වූ නවක චන්ද බොහොමයක් එකතුවෙයි කියල. විශේෂයෙන්ම ඔවුන්ගේ සටන් පාට වල ප්‍රමුඛත්වය අරන් තිබෙන දුෂණයට එරෙහිවීම කියන මාතෘකාව දිගින් දිගටම එල්ලවෙන්නේ යු එන් පිය ප්‍රමුඛ මහ බැංකු හොරුන් දෙසට.
මේ මුළු සමිකරණයම තවත් වියවුල් වෙනවා බොන්ඩ් කොමිසම් වාර්තාව ගැන සිරිපාල ජනාධිපතිවරයා හෙට කරන ප්‍රකාශයෙන්. මම හිතනවා දැනට රෝසිගේ සහයට ඉන්න රවී කරුණානායක වගේ අයට ඒ ප්‍රෙෂර් එක ගන්න අමාරුවෙයි කියල. රෝසිට ආකර්ෂණය වෙන්න තිබ්බ තරුණ මධ්‍යමපාන්තික උගත් චන්දත් දෙපාරක් හිතාවි.
ජිවන වියදම, අලුත් බදු ටික, වාහනයක් ගන්න - ගෙයක් හදන්න තිබ්බ හීන විනාශවීම, පාතාලය ශක්තිමත් වීම, වගේ කොලබ සාමාන්‍ය මිනිහට දැනෙන ප්‍රශ්න ටිකත්, ජාත්‍යන්තරය ඉදිරියේ රට දිගින් දිගටම ෆේල් වීමත්, ආයෝජන අඩුවී කොටස් වෙළදපොල කඩාවැටීමත්, ඩොලරය ඉහල ගොස් විදේශ වත්කම් අඩුවීම වගේ උගත් මිනිස්සුන්ට දැනෙන ප්‍රශ්න ටිකත්, යහපාලනය හුදෙක්ම බොරු චන්ද පොරොන්දුවක් වීම නිසා සිවිල් සමාජයට තිබෙන හිත රිදීමත් යන්නේ රෝසි ප්‍රමුඛ යු එන් පිය පිටින්මයි.
අනිත් ලොකුම අභියෝගය තමා අලුත් මැතිවරණ ක්‍රමය. කොට්ඨාශ දිනා ගන්න පුළුවන් වෙන්නේ කොට්ඨාශයේ දක්ෂයට. පෝස්ටර් කටවුට් ටී වී ඇඩ් වලින් ඒක කරන්න බෑ. ඉතින් ජනප්‍රිය තරුවක් වීම මුළු කොළඹ මහා නගරසභාවෙම චන්ද ගන්න හේතුවක් වෙන එකකුත් නෑ.
ඉතින් අපි බලමු ‘කොළඹ කාට අමාරු වෙයිද’ කියල.

Powered by Blogger.