විදුහල්පතිනිය දණ ගැස්වූ මහ ඇමති පොලිසියට බාර වෙයි.


බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට තර්ජනය කර දණ ගැස්වීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක අද පොලිසියට බාර වී තිබේ.

නීතිඥයන් මාර්ගයෙන් අද පෙරවරුවේ පොලිසියට බාර වීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන ඇති ඔහුව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Powered by Blogger.