දර්ශනගේ කෘති දෙකක් එළියට...


දර්ශන අශෝක කුමාර විසින් රචිත කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් හා Asian Perspectives in Communication යන කෘති යුගළ එළිදැක්වීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය සහ මනෝවිද්‍යාව අධ්‍යයනාංශයේ හිටපු ප්‍රධානී   මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජනවාරි මස 26 වැනි දින පස්වරු 3.30ට කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී සිදු වෙයි. 

දර්ශන අශෝක කුමාර මහතා මාධ්‍යවේදියෙකු ලෙස විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල සේවය කර ඇති  අතර විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකු ද වෙයි. ඔහු මින් පෙර කෘති 5ක් ලියා පළ කර ඇත. අලුතින් එළිදකින්නේ කතුවරයාගේ 6 වැනි සහ 7 වැනි කෘතියි.

Powered by Blogger.