Ads Top

Ray Ad

මෛත්‍රී - රනිල්, මනෝ - දිගා වෙනුවෙන් STF හටනක.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා වෙත පොලිස් විශේෂ කාර්ය බලකා (STF) ආරක්ෂාව ලබා දී ඇතැයි Info Sri Lanka News වාර්තා වේ.

ජනාධිපතිවරයා මනෝ ගනේෂන් මහතා වෙත STF ආරක්ෂාව ලබා දී ඇත්තේ කොළඹ මහ නගර සභාවේ බලය ශ්‍රීලනිපයට ලබා ගැනීමේ සැලසුමේ එක් පියවරක් ලෙසයි.

කෙසේ නමුත් මේ සමඟ ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතාට ද මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකා (STF) ආරක්ෂාව ලබා දී ඇතැයි වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයා පලනි දිගම්බරන් මහතාට STF ආරක්ෂාව ලබා දීමට උපදෙස් දී ඇත්තේ මනෝ ගනේෂන් මහතාට STF ආරක්ෂාව ලබා දීම සමඟ නිර්මාණය වූ දේශපාලන ව්‍යාකුල තත්ත්වය සමතයකට පත්කිරීමට බව පැවසෙයි.

මේ වන විට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර නිර්මාණය වෙමින් පවතින සිතල යුද්ධයේ අතුරු ප්‍රතිපලයක් ලෙස මෙම STF සිද්ධිය හඳුනාගත හැකි බව දේශපාලන විචාරකයන් පවසයි.  

Powered by Blogger.