O/L අසමත් වන සිසුන්ට පාසල් 150කදී වෘත්තීය අධ්‍යාපනය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන දරුවන් විසිදහසකට අධික පිරිසක්‌ උසස්‌ පෙළ වෘත්තීය අධ්‍යාපනය සඳහා ලබන පෙබරවාරි මාසයේ සිට පාසල් 150 කට ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙම පාසල් 150 ජනවාරි මස මුලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 දහතුන් වසරක අඛණ්‌ඩ අධ්‍යාපන ප්‍රතිපත්තිය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙහි නියමු ව්‍යාපෘතිය පසුගිය වසරේදී ආරම්භ කරන ලද අතර සිසුන් දස දහසක්‌ එම වසරේදී උසස්‌ පෙළ වෘත්තීය අධ්‍යාපනයට ඇතුළත් කෙරිණි. පාසල් හතළිහක පමණ ආරම්භ කළ නියමු ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථක බව අමාත්‍යාංශය පවසයි.

 වෘත්තීය විෂයයන් 26 ක්‌ මෙම සිසුන් සඳහා හඳුන්වා දී ඇති අතර එම විෂයයන්ට අදාළ ගුරුවරුන් 2000 ක්‌ නුදුරේදීම බඳවා ගැනීමට ද සැලසුම් කර ඇත.

 ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරුවන් උසස්‌ පෙළ පන්ති සඳහා ඇතුළත් කිරීම අමාත්‍යාංශයේ අරමුණය.

Powered by Blogger.