Ads Top

Ray Ad

කුමන්ත්‍රණ පරාදයි : කුරුණෑගල නගරාධිපති සටනට ෆෙලිශියන් පෙරේරා.


මෙවර එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල නගරාධිපති අපේක්ෂකයා ලෙස නිතීඥ ෆෙලිශියන් පෙරේරා මහතා ඉදිරිපත්වන බවට Info Sri Lanka News වෙත වාර්තා වේ.

කෙසේ නමුත් ඒ මහතා ඉදිරිපත් වීමට විරුද්ධව වයඹ පළාතේ එජාප නායකයෙක් දැඩි විරෝධයක් එල්ල කර තිබු අතර ෆෙලිශියන් පෙරේරා නගරාධිපති අපේක්ෂකයා ලෙස නම් කලහොත් තමන් පක්ෂයේ ධාරණ ආසන සංවිධායක තනතුරින් ද ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කර තිබුණි.

කෙසේ නමුත් ඊට හේතු වී ඇත්තේ අදාල නායකයාගේ බිරිඳ කුරුණෑගල මහ නගර සභාවට ඉදිරිපත් කර නගරාධිපති ධුරය ලබා දීමේ සුදානමක් හේතුවෙනි.

කෙසේ නමුත් මේ වන විට එකී සියළු කුමන්ත්‍රණ පරාජය කර  ෆෙලිශියන් පෙරේරා මහතා කුරුණෑගල නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම කුරුණෑගල එක්සත් ජාතික පාක්ෂිකයන් ලැබූ ජයග්‍රහණයක් බවත් එය මෙවර නගර සභාවේ එජාප බලය තහවුරු කර ගැනීමට හේතුවක් වනු ඇති බවත් එම පක්ෂයේ ක්‍රියාකාරකයෙක් Info Sri Lanka News වෙත කියා සිටියේය.

Powered by Blogger.