ඒකාබද්දේ මතගැටුම් උග්‍ර අතට : ඇතැමුන් හොර රහසේ ජනපති හමුවෙලා.


ඒකාබද්ධය හා ශ්‍රීලනිප සාකච්ජා කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් කණ්ඩායමට එරෙහිව එහි අභ්‍යන්තයෙන් බලවත් විරෝධයක් මතුව ඇති බවත් විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එහි පෙරමුණ ගෙන සිටින බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ අපේක්‍ෂකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය මුල්කර ගනිමින් එම විරෝධය මේවනවිට උත්සන්න වී ඇතැයි ද එම ආරංචිමාර්ග කියා සිටියි.

සෑම කොට්ඨාසය සඳහාම ඒකාබද්ධ විපක්‍ෂයේ අපේක්‍ෂකයින්ගෙන් සියයට 10 ක් තමන්ට ලබාදෙන ලෙසට විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා ඇතත්, බැසිල් රාජපක්ෂ මහතා ඊට අකමැත්ත පළ කර තිබේ.

මෙම තත්වය තුල ජාතික නිදහස් පෙරමුණේ කිහිප දෙනෙකු ඊයේ (01) රහසිගතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී ඇති අතර එහිදී ශ්‍රීලනිපයට එක්විම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇත.

ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු මිට අදාළ සම්බන්ධිකරණ කටයුතු සිදුකර තිබේ.

මේ අනුව ජාතික නිදහස් පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා ඊයේ (01) ශ්‍රීලනිපයට එක්වූ අතර එම පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ලබන සතියේ ශ්‍රීලනිපයට එක්වීමට නියමිතය.

ඒකාබද්ධයේ ඩීල්කාරයෝ :

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ ඒකාබද්ධ විපක්‌ෂය එකතු වීමට පැවැත්වූ සාකච්ඡා බිඳවැටුණේ එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ "ඩීල්" දමන පිරිසක්‌ ඒකාබද්ධ විපක්‌ෂයේ සිටිය නිසා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා ' දිවයින' පුවත්පතට පවසා ඇත.

මෙම "ඩීල්" චෝදනාව එල්ලවී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ මුල්‍ය සම්පාදක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඔහුගේ අනුගාමිකයින් වෙතය.

Powered by Blogger.