නීති විරෝධී ඉඩම් අයිතිය ඩෝල් සමාගමට ලබා දීමට රජය සැරසෙයි.


නීති විරෝධී ව රක්ෂිත ඉඩම් අත්පත් කර ගෙන අපනයනය ස`දහා කැවැන්ඩිස් කෙසෙල් ප‍්‍රභේදය නිෂ්පාදනය කරණ ලෝකයේ අපකීර්තිමත් ඉතිහාසයක් හිමි බහු ජාතික ඩෝල් සමාගමට පසුගිය රජයෙන් ලබා දුන් රාජ්‍ය අනුග‍්‍රහය ඒ ආකාරයෙන් ම වත්මන් රජයෙන් ද ලබා දෙමින් තිබේ. ජලපෝෂක වනාන්තර බිම් හා ගොවි බිම් විනාශ කර සීමාසහිත ඩෝල් ලංකා පුද්ගලික සමාගම නමින් මෙරට කි‍්‍රයාත්මක වෙමින්  වියළි කලාපයේ ස්ථාන ගණනාවක නීති විරෝධී ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වල වගා බිම් පිහිටුවීම මෙම සමාගම විසින් සිදු කෙරේ. ඊට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ නියෝග ලබා ගනිමින් තිබෙන අතරතුර එම නියෝග ලබා ගැනීම අත්හිටුවා නැවත එම ඉඩම් අදාළ සමාගමට ලබා දීමට වත්මන් රජය සූදානම් වේ. 

එහි පළමු පියවර වශයෙන් මෙම ඉඩම් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබේ. ඒ ස`දහා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා විසින් 2016.09.15 වන දින අමාත්‍ය මණ්ඩල පති‍්‍රකා අංක සී.පී.16/1934/752/023 යටතේ ‘‘සී/ස ඩෝල් ලංකා පෞද්ගලික සමාගම නමින් මොනරාගල දිස්ති‍්‍රක්කයේ කුඩා ඔය සහ දෙමෝදර පිහිටි කෙසෙල් වගා කරනු ලැබූ ඉඩම් නියමානුකූල කිරීම’’ මැයෙන් කැබිනට් මණ්ඩලය වෙත සන්දේශයක් ඉදිරිපත් කර තිබේ. එම සන්දේශය ස`දහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ගේ මෙන් ම ඉඩම් හා මුදල් අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ. 

මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතු ව යොමු කර ඇති අමාත්‍ය මණ්ඩල නිරීක්ෂණ වල ප‍්‍රථමයෙන් ස`දහන් කර ඇත්තේ ඩෝල් ලංකා පුද්ගලික සමාගම වගා බිම් ස්ථාපිත කිරීමට ප‍්‍රථම කිසිදු අවස්ථාවක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලීමක් සිදු කර නොමැති බව ය. මීට අමතර ව ඩෝල් සමාගම දෙමෝදර හා කුඩා ඔය පිහිටි වගා බිම් අනවසරයෙන් භුක්ති වි`දින බවට අධිකරණය ඉදිරියේ පිළිගෙන ඇති බව ද ස`දහන් කර තිබේ. නමුත් ජනාධිපතිතුමන්ගේ නිරීක්ෂණ වාර්තාවේ අවසානයේ දක්වා ඇත්තේ ඩෝල් සමාගමට මෙම ඉඩම් ලබා දීම ස`දහා අවබෝධතා ගිවිසුමක් සකස් කර නීතිපති වෙත යොමු කර අනුමැතිය ලබා ගන්නා ලෙස ය. ඒ අනුව මේ වන විට නීතිපති වරයා විසින් මෙම ඉඩම් ඩෝල් සමාගම වෙත කෙසේ හෝ ලබා දීමට ඇති හැකියාව පිළිබ`ද ව අධ්‍යයනය කරමින් සිටී. 

නමුත් ලංකාවේ පවතින ඉඩම් හා පාරිසරික නීති රීති වලට අනුව ඩෝල් සමාගම වෙත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ලබා දීමේ හැකියාවක් නොමැත. යම් කිසි සමාගමක් වෙත ආයෝජන ව්‍යාපෘතියක් ස`දහා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ඉඩම් නිදහස් කරනු ලබන්නේ එම ව්‍යාපෘතිය පිළිබ`ද ව සිදු කරණ ඉල්ලීමකට අනුව එහි ශක්‍යතාව අදාළ රාජ්‍ය ආයතන විසින් පරීක්ෂා කර අනුමැතිය ලබා දී තිබේ නම් පමණි. එම අනුමැතීන්ට යටත් ව රජයේ ඉඩම් ආඥා පනතේ 199 (උ) වගන්තියට අනුව දීර්ඝ කාලීන බදු ගිවිසුමක් යටතේ ඉඩම් නිදහස් කිරීමේ හැකියාව ඇත. ඒ ස`දහා ඉඩම් අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන අතර ජනාධිපතිවරයාගේ නිර්දේශ යටතේ ඉඩම් නිදහස් කිරීම සිදු කරනු ලැබේ. 


ආයෝජන ව්‍යාපෘතියක් ස`දහා සමාගමක් වෙත රජයේ ඉඩම් ලබා දීමේ කි‍්‍රයාපටිපාටිය මෙය වුව ද ඩෝල් සමාගමට මේ ආකාරයෙන් ඉඩම් ලබා දීමේ හැකියාවක් නොමැති වීමට කරුණු කිහිපයක් බලපා තිබේ. ඒ අතුරින් ප‍්‍රධාන වන්නේ ඩෝල් සමාගම නීති විරෝධීව වසර ගණනාවක් මුළුල්ලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පරිහරණය කර තිබීම හා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප‍්‍රථම කිසිදු ආකාරයක අනුමැතියක් ලබා ගැනීමකින් තොරව ඉඩම් අවභාවිතය සිදු කර තිබීමය. ඒ හේතුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩෝල් සමාගමේ කුඩා ඔය හා දෙමෝදර පිහිටි නීති විරෝධී වගා බිම් වලට එරෙහිව වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු අංක එම්. සී. 215 හා 216 යටතේ අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන තිබේ. එසේ තිබිය දී කැබිනට් මණ්ඩල අනුමැතියට යටත් ව ඉඩම් නියමාණුකූල කිරීමේ ක‍්‍රමවේදයට අනුව ඩෝල් සමාගමට නීති විරෝධීව භුක්ති විදින ඉඩම් ලබා දීමට කටයුතු කිරීම ඉතා ම හානිකර මෙන් ම වැරදි පූර්වාදර්ශ ලබා දීමකි. 

ඩෝල් සමාගම නීති විරෝධීව ඉඩම් භාවිතා කරණ බවට නීතිමය සාධක බොහොමයක් පවතී. ඒ ස`දහා ප‍්‍රධාන වශයෙන් මොනරාගල දිස්ති‍්‍රක්කයේ කුඩා ඔය හා දෙමෝදර පිහිටි ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය මායිමේ ව්‍යාප්ත කර ඇති කෙසෙල් වගා බිම් වැදගත් වේ. මෙම වගා බිම් ස්ථාපිත කර ඇත්තේ 2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 9 වන වගන්තිය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමිනි. මෙම වගන්තියට අනුව ජාතික වනෝiානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මෙම නීතිමය ප‍්‍රතිපාදනය උල්ලංඝනය කර ඩෝල් සමාගම වගා බිම් ස්ථාපිත කර ඇත. එය නීති විරෝධී කි‍්‍රයාවකි. 

මීට අමතර ව 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය උල්ලංඝනය කරමින් ඩෝල් සමාගම රජයට අයත් වනාන්තර එළි පෙහෙළි කර වගා බිම් ස්ථාපිත කර තිබේ. එම වගන්තියට අනුව වනාන්තර එළි පෙහෙළි කිරීම, ශාක කපා ඉවත් කිරීම, වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එවන් නීති විරෝධි ක‍්‍රියාවල නිරත ව සිටින පුද්ගලයෙකු හෝ ඒ ස`දහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොඉක්මවන කාලයක් ස`දහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මෙම ද`ඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය ස`දහා අධිකරණය ම`ගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය. එසේ තිබිය දී ඩෝල් සමාගම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නීති විරෝධී ව අවභාවිතා කිරීමට එරෙහිව නීති කි‍්‍රයාත්මක කර ද`ඩුවම් ලබා දීම වෙනුවට එම ඉඩම් ඩෝල් සමාගම සතු කිරීමට උත්සාහ දැරීමෙන් වන සංරක්ෂණ ආඥා පනත පමණක් නොව නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් වේ. එම`ගින් ලබා දෙන වැරදි පූර්වාදර්ශ හේතුවෙන් ඉදිරියේ දී මෙවන් කි‍්‍රයා තවදුරටත් වර්ධනය වනු ඇත.

1980 අංක 47 දරණ සංශෝධිත ජාතික පාරිසරික පනත යටතේ ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් හෝ වනාන්තර නොවන හෙක්ටයාර 50 කට වැඩි භූමි ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ නීතිමය ප‍්‍රතිපාදනය ද ඩෝල් සමාගම වගා බිම් ස්ථාපිත කිරීමේ දී උල්ලංඝනය කර තිබේ.

1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ ස`දහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් අනුමැතියකින් තොරව ඩෝල් සමාගම වනාන්තරය එළි පෙහෙළි කරමින් මහා පරිමාණ වගා බිම් පිහිටුවීම සිදු කර ඇත.


ඒ අනුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත හා පුරා වස්තු ආඥා පනත මෙන්ම රජයේ ඉඩම් ආඥා පනත උල්ලංඝනය කර ඩෝල් සමාගම නීති විරෝධී ව වගා බිම් ස්ථාපිත කර ඇති බව තහවුරු වේ. එසේ තිබිය දී එම ඉඩම් ඩෝල් සමාගමට ම ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපතිතුමන් ඇතුළු කැබිනට් මණ්ඩලය ගන්නා නිර්ලජ්ජිත උත්සාහය අප දැඩි ලෙස හෙළා දකිමු. යහපාලනය ස්ථාපිත කිරීම ස`දහා ජනතාව සම`ග සම්මුතිගත වූ වත්මන් ආණ්ඩුව යහපාලනයේ ප‍්‍රධාන අංගයක් වන නිතියේ අධිපත්‍යය මෙලෙස උල්ලංඝනය කිරීම කනගාටුදායක ය. 

එපමණක් නොව මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව සම`ග සම්මුතිගත වූ මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ ‘‘මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සොබාදහම රැක ගැනීම කොටසෙහි ස`දහන් වන්නේ වනාන්තර හා වන සතුන් මෙන් ම සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම ස`දහා තරාතිරම නොබලා නීති කි‍්‍රයාත්මක කිරීමට පසුබිම සකස් කරණ බව ය. නමුත් ඩෝල් සමාගමේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට උත්සාහ දැරීම හරහා මෙය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර ජනතාව සම`ග ඇති සම්මුතිය බි`ද දමමින් සිටින බව තහවුරු වේ. 

මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තවදුරටත් ස`දහන් කර ඇත්තේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත නොබියව හා පක්ෂග‍්‍රාහී බැවින් තොරව දැඩි ලෙස කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරණ බව ය. නමුත් ඩෝල් සමාගම ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය මායිමේ දෙමෝදර හා කුඩා ඔය ප‍්‍රදේශයේ වගා බිම් ස්ථාපිත කර ඇත්තේ විශාල වනාන්තර ප‍්‍රමාණයක් විනාශ කර මෙම පනත උල්ලංඝනය කරමිනි. ඒ ස`දහා කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැති අතර ඉඩම් පරිහරණය කරන්නේ බලහත්කාරයෙන් ය. එසේ කි‍්‍රයාත්මක වන සමාගමක ඉඩම් අයිතිය තහවුරු කිරීමට රටේ වන ආවරණය සියයට 32 දක්වා වර්ධනය කිරීමට කටයුතු කරණ බවට නිතර ප‍්‍රකාශ කරණ ජනාධිපතිවරයා විසින් උත්සාහ දැරීම ගැටලූ සහගත ය.        

ලෝකයේ බොහෝ රටවල ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය උදුරා ගනිමින් රටවල් බොහොමයකට එළවළු හා පළතුරු සපයන ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වන ඩෝල් සමාගමේ හිමිකාරීත්වය ද අද වන විට ජපානය විසින් ලබා ගෙන ඇත. මෙම සමාගම 2011 වසරේ දී සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත්, කන්දකාඩු ප‍්‍රදේශයේ වනාන්තර අක්කර 11600 ක් නීති විරෝධීව යුධ හමුදාවෙන් ලබා ගෙන කැවැන්ඩිස් කෙසෙල් වගා කිරීමට පියවර ගැනින. නමුත් එය අපගේ මැදිහත්වීම මත නතර කර ගත හැකි වූවත් අද වන විට මොනරාගල දිස්ති‍්‍රක්කයේ ලූණුගම්වෙහෙර ජාතික වනෝiානය ආශි‍්‍රත ව ඉඩම් අක්කර 4600 ක් අත්පත් කර ගෙන අපනයනය සඳහා කැවැන්ඩිස් කෙසෙල් වගා කිරීම අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී. මීට අමතර ව තනමල්විල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නිකවැව ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි මීගස්වැව ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 1400 ක් ද පසුගිය රජය පැවති සමයේ දී ඩෝල් සමාගමට ලබා දී තිබේ. මොනරාගල, කොටියාගල ප‍්‍රදේශයේ තවත් අක්කර 5000 ක් මෙම සමාගමට ලබා දීමට පසුගිය කාලයේ සැලසුම් කළ අතර එය කි‍්‍රයාත්මක කිරීමේ ස්වභාවයක් මේ වන විට නැවතත් පෙනෙන්නට තිබේ. 

වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුඩාඔය ප‍්‍රදේශයේ අක්කර 1800ක්, බුත්තල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන්දම, දෙමෝදර ප‍්‍රදේශයේ අක්කර 1600ක් හා බුත්තල, වෑකඩ ප‍්‍රදේශයේ අක්කර 1200ක් වශයෙන් කැවැන්ඩිස් කෙසෙල් ප‍්‍රභේදය වගා කිරීම සඳහා පසුගිය රජය පැවති සමයේ දී මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුගේ සහයෝගය මත නීති විරෝධී ලෙස මේ සමාගමට ඉඩම් ලබා දී ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මොනරාගල හිටපු දිසා වන නිලධාරී විසින් වන සංරක්ෂණ ආඥ පනත උල්ලංඝනය කරමින් එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර ඉඩම් ඩෝල් සමාගමට ලබා දී තිබුණි. මීට අමතර ව වාර්ෂික බලපත‍්‍ර යටතේ වගා කළ බොහෝ ගොවි ජනතාවකගේ ඉඩම් නීති විරෝධීව මිල දී ගනිමින් මෙම සමාගම තම භූමිය වැඩි කර ගනිමින් සිටී.


ඩෝල් සමාගම සේවක අයිතීන් ලබා නොදීමට එරෙහි උද්ඝෝෂණය
පසුගිය රජය පැවති සමයේ දී ඩෝල් සමාගම වෙනුවෙන් පෙනී සිටි ප‍්‍රධාන අමාත්‍යවරයා වූයේ බැසිල් රාජපක්ෂ මහතා ය. ඊට අමතර ව හිටපු ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා හා හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ප‍්‍රාදේශීය මට්ටමින් මෙම සමාගම වෙනුවෙන් පෙනී සිටියේ ය. මේ නිසා ඔවුන්ට මෙම සමාගමෙන් පසුගිය මැතිවරණ සමයේ දී සම්පූර්ණ ඡුන්ද ප‍්‍රචාරක කටයුතු සඳහා මුදල් ලබා දීම සිදු කෙරිණ. අද වන විට ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් ඩෝල් සමාගමේ වගා බිම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ භූමි ප‍්‍රදේශ වලින් ඉවත් කිරීමට නෙරපුම් නියෝග ලබා දීම වැළැක්වීම ස`දහා විශාල උත්සාහයක නිරත වෙමින් සිටී.

පසුගිය වසරේ දී රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජපානයේ සිදු කළ නිල සංචාරයේ දී එරට අග‍්‍රාමාත්‍යවරයා විසින් දැනුම් දී ඇත්තේ ඩෝල් සමාගමට අප රට තුළ නිදහසේ කි‍්‍රයාත්මක වීමේ යාන්ත‍්‍රණයක් සකස් කර දෙන ලෙස හා මෙරට තුළ එම සමාගමේ ඉඩම් අයිතිය තහවුරු කර දෙන ලෙස ය. එය අකුරට ම ඉටු කරමින් කඩිනමින් කැබිනට් මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගෙන එම ඉඩම් ඩෝල් සමාගමට බදු දීමට දැඩි උත්සාහයක ආණ්ඩුව නිරත වේ. මෙතරම් දේශපාලන බලයක් හිමි ඩෝල් සමාගම අද වන විට අප රටේ වියළි කලාපයේ අස්සක් මුල්ලක් නෑර ඉඩම් අත්පත් කර ගනිමින් ගොවි ජනතාව හා වන සතුන් අවතැන් කරමින් සිටී.

ඩෝල් සමාගම ඉඩම් අත්පත් කර ගෙන කෙසෙල් වගා කිරීමට අමතර ව වෙනත් සමාගම් විසින් වගා කෙරෙන කැවැන්ඩිස් කෙසෙල් ද එම සමාගම නමින් අපනයනය කිරීම සිදු කරයි. පෙලොන්නරුව, කන්දකාඩුව ප‍්‍රදේශයේ වනාන්තර අක්කර 1000 ක් යුධ හමුදාවෙන් තිස් තුන් අවුරුදු බදු ක‍්‍රමය යටතේ ලබා ගත් ඉඩමක බ‍්‍රවුන්ස් සමාගම විසින් මේ වන විට නීති විරෝධීව පවත්වාගෙන යන වගා බිමේ අක්කර 250 ක භූමියක වගා කර ඇති කැවැන්ඩිස් කෙසෙල් අපනයනය කිරීම සිදු කරනුයේ ඩෝල් සමාගමේ නාමයෙනි. මේ සඳහා ඩෝල් සමාගම හා බ‍්‍රවුන්ස් සමාගම අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තබා ඇත. මීට අමතර ව පුත්තලම, වනාතවිල්ලූව ප‍්‍රදේශයේ ඊ. ඒ. පී. සමාගම් සමූහය ම`ගින් පවත්වාගෙන යන වගා බිමේ නිෂ්පාදනය කරණ කැවැන්ඩිස් කෙසෙල් අපනයනය කරන්නේ ද ඩෝල් සමාගමේ නාමයෙනි. 

ඩෝල් සමාගම මොනරාගල කෙසෙල් වගාව සඳහා එළිපෙහෙළි කර ඇති වනාන්තර කිරි`දි ඔයේ හා මැණික් ගෙ`ග් ජල පෝෂක ප‍්‍රදේශ වන අතර, ඒවා වෙහෙරගල ජලාශයේ හා ලූණුගම්වෙහෙර ජලාශයේ ජල සුරක්ෂිතතාව රඳා පැවති වනාන්තර බිම් ය. නමුත් අද වන විට ඒ සියලූ ජල පෝෂක බිම් මේ ජලාශ වලට හා ගංගාවලට සම්පූර්ණයෙන් ම අහිමි වී තිබේ. 

මේ වගාබිම් වලට විසිරුම් නල ජල ක‍්‍රමය යටතේ ඉතා ම අධික ජල ප‍්‍රමාණයක් දිනකට යෙදීම සිදු කරයි. ඒ ස`දහා ජලය ලබාගන්නේ ප‍්‍රධාන වශයෙන් ම ගංගාවලින් හා විශාල නල ළිං සකස් කර භූගත ජලය අධික ලෙස පොම්ප මගින් මතුපිටට ලබා ගැනීමෙනි. 


අලි - ඇතුන්ගේ වාසස්ථාන ඛණ්ඩනය කර වගා බිම් වටා විදුලි වැටවල් ඉදි කර ඇති ආකාරය
කුඩාඔය වගා බිමට කිරි`දි ඔයෙන් විශාල ජල ප‍්‍රමාණයක් ලබාගන්නා අතර, වන්දම හා වෑකඩ වගා බිම්වලට මැණික් ගෙ`ග් ජලය ලබා ගනී. මෙහි අහිතකර ප‍්‍රතිඵල බුක්තිවි`දින්නේ මේ ගංගා පහළ ජීවත්වන ජනතාව හා වනසතුන් ය. වගා බිමට යෙදීමට අධික ජල ප‍්‍රමාණයක් ලබා ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස පහළ ප‍්‍රදේශවල වගා බිම්වලට ලබා ගත හැකි ජල ප‍්‍රමාණය ඉතා විශාල මට්ටමකින් පහළ වැටී තිබේ. ඒ හේතුවෙන් ගොවි ජනතාව වගා කටයුතු කර ගත නොහැකිව බොහෝ වගා බිම් වලින් ඉවත් ව සිටී. එපමණක් නොව ලූණුගම්වෙහෙර හා යාල ජාතික වනෝද්‍යානවල ජීවත්වන අලි - ඇතුන් ඇතුළු ව බොහෝ වන සතුන්ට වියළි කාලයේ දී දැවැන්ත ජල හිඟයකට මුහුණ දීමට සිදු වී ඇත්තේ ද කිරි`දි ඔයේ හා මැණික් ගෙ`ගන් අධික ජල ප‍්‍රමාණයක් මෙම වගා බිම් වලට ලබා ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ය. 

මීට අමතර ව මැණික් ගෙ`ග් හා කිරි`දි ඔයේ ජලය සි`දීයන කාලයට වගා බිම්වලට ජලය ලබා ගැනීම සිදු කරනුයේ ඉතා ගැඹුරු නල ළිං සකස් කර ඒවායෙන් භූගත ජලය මතුපිටට ලබා ගැනීමෙනි. මේ ම`ගින් සිදුවන හානිය ඉතා උග‍්‍ර මට්ටමක පවති. නියං සමය තුළ බොහෝ ජනතාවක් වගා කටයුතු වලට හා දෛනික පරිභෝජනය සඳහා ජලය ලබා ගන්නේ ළිං මගින් හා වගා ළිං ම`ගිනි. ඒවා සියල්ල ම සම්පූර්ණයෙන් සි`දී යාමට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ඩෝල් සමාගම විශාල භූගත ජල ප‍්‍රමාණයක් වගා බිම්වල භාවිතයට නල ළිං මගින් ලබා ගැනීම ය. මේ හේතුවෙන් ඇති වී තිබෙන උග‍්‍ර ජල හිඟයට විස`දුමක් ලෙස බවුසර් මගින් ජනතාවට අවශ්‍ය පානීය ජලය සැපයීමට රජයට සිදු වී ඇත. පොදු ජනතාවගේ බදු මුදල් වලින් රජය මෙලෙස ජනතාවට ජලය ලබා දෙන්නේ ඩෝල් සමාගම සිදු කළ හානි මඟහරවා ගැනීමට ය. කළ යුතු ව ඇත්තේ ජනතාවගේ බදු මුදල් මේ වෙනුවෙන් යෙදවීම නොව හානි කර ඩෝල් සමාගමේ කි‍්‍රයාකාරීත්වය නතර කිරීම ය. 

ඩෝල් සමාගම අද වන විට තම වගා බිම් වල ජල හිඟයට පිළියම් සෙවීම සඳහා ලූණුගම්වෙහෙර ජාතික වනෝiානය තුළ පිහිටි වෙහෙරගල ජලාශයෙන් ජලය ලබා ගැනීමට කි‍්‍රයාමාර්ග ගනිමින් සිටී. ඒ සඳහා ජාතික වනෝiානය තුළ මාර්ග සකස් කර වෙහෙරගල ජලාශයේ සිට වගා බිම්වලට නල මගින් ජලය ගෙන ඒමට සූදානම් වේ. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තියට අනුව ජාතික වනෝiානයකට ඇතුළු වීම සඳහා බලපත‍්‍ර ලබා ගත යුතු ව තිබිය දී මෙම නීතිරීති උල්ලංඝනය කරමින් ඩෝල් සමාගම මෙලෙස කි‍්‍රයා කරන්නේ කෙසේ ද යන්න ගැටලූවකි. 

ඩෝල් සමාගමේ වගා බිම්වලට ඉතා ම අධික ලෙස කෘෂි රසායනික යෙදීම සිදු කරයි. ඩැකොනිල් වැනි විෂ රසායන මේ සඳහා යොදන අතර, ඒවා යෙදීම සිදු කරනුයේ රාති‍්‍ර 12 න් පසුව යාන්ත‍්‍රික රසායන ඉසින භාවිතා කරමිනි. මීටර් 75 ක් පමණ දුරට එකවර රසායනික ඉසිය හැකි යන්ත‍්‍ර බවුසර් රථවලට සවි කර ජලයේ මිශ‍්‍ර කරන ලද රසායනික ද්‍රව්‍ය ඉසිනු ලැබේ. එසේ ඉසින රසායන ද්‍රව්‍ය ඒ වටා ප‍්‍රදේශයේ මීදුමක් සේ විසිරීම සිදු වේ. 

මේ නිසා අධික රසායනික ද්‍රව්‍ය ප‍්‍රමාණයක් බාහිර පරිසරයට නිදහස් වේ. ඒවා  සෘජුව ම ලූණුගම්වෙහෙර ජාතික වනෝiානයට හා ජනාවාස ආශි‍්‍රත ප‍්‍රදේශ වලට විසිරීම සිදු වේ. අවසානයේ මෙම රසායනික ද්‍රව්‍ය කිරි`දි ඔය හා මැණික් ග`ග හරහා ලූණුගම්වෙහෙර ජලාශයටත් වෙහෙරගල ජලාශයටත් යොමු වී ජලයේ සාන්ද්‍රගත වේ. මේ ජලාශ දෙකෙන් ජලය ලබා ගන්නා සියලූ වගා බිම්වලට හා ජනතාවට මෙම විෂ රසායන වලින් අහිතකර සෞඛ්‍ය බලපෑම් එල්ල වේ. අද වන විට ක‍්‍රම ක‍්‍රමයෙන් වකුගඩු රෝගයට මේ ප‍්‍රදේශයේ ජනතාව ගොදුරු වෙමින් සිටින්නේ මේ කි‍්‍රයාවලියේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. එපමණක් නොව ඩෝල් සමාගමේ වගා බිම්වල සේවයේ නියුතු අයට ද විවිධ රෝගාබාධ, මළ දරු උපත් හා ම`දසරුභාවය වැනි තත්ත්වයන් ඇති වීමට මෙය හේතු වී තිබේ.  

වගා බිම්වලට පමණක් නොව අපනයනය කිරීම සඳහා සකස් කරන කෙසෙල් ගෙඩිවලට කෘමි හානි, දිලීර හානි ඇති වීම වැළැක්වීමට හා අනවශ්‍ය පරිදි මාසයක පමණ කාලයක් තුළ කෙසෙල් ගෙඩි ඉදී යාම වැළැක්වීමට රසායනික ද්‍රව්‍ය යෙදීම ද සිදු කරයි. ඒ සියලූ රසායනික ද්‍රව්‍ය වලට මෙම වගා බිම්වල සේවයේ නියුතු සියලූ ජනතාව ගොදුරු වේ. 
ඩෝල් සමාගමේ වගා බිම්වල භාවිතා කර ඉවත් කරන පළිබෝධනාශක බහා තබන කෑන් ඉතා විශාල ප‍්‍රමාණයක් අක‍්‍රමවත්ව බැහැර කිරීම හේතුවෙන් වෙහෙරගල ජලාශයේ රැදී තිබේ. එපමණක් නොව මේ ස්ථානයේ සේවයේ නියුතු කිසිදු සේවකයෙකුට රසායනික ද්‍රව්‍ය වලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ආරක්ෂක උපකරණ කිසිවක් ලබා දී නොමැත. මින් පෙනී යන්නේ ඩෝල් සමාගම ඉතා ම අපරික්ෂාකාරි ලෙස පරිසරය හෝ සේවක සෞඛ්‍ය ගැන හෝ නොතකමින් තම ව්‍යාපාරික කටයුතු වල යෙදෙන බව ය. 

ඩෝල් සමාගමේ ලූණුගම්වෙහෙර ජාතික වනෝiානය ආශි‍්‍රත ව පිහිටි වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර ස්ථාපිත කර ඇති සියලූ වගා බිම් ආවරණය වන පරිදි විදුලි වැටවල් සකස් කර තිබේ. මේ සියල්ලේ ම ප‍්‍රතිඵලයක් ලෙස අවතැන් වූ අලි - ඇතුන් ගම් වැදීමෙන් ගම්මාන 21 ක් පමණ අද වන විට දරුණු ලෙස අලි - මිනිස් ගැටුමට ගොදුරු වී ඇත. මෙතෙක් අලි - මිනිස් ගැටුම නොපැවති බොහෝ ප‍්‍රදේශ හා බොහෝ වගා බිම් අලි - මිනිස් ගැටුමට උග‍්‍ර ලෙස ගොදුරු වෙමින් තිබේ. මහආරගම, පුබුදුගම, උල්කන්ද, තලාකොළ වැව, හඳපානාගල, නෙලූගල, වෙහෙරයාය, රන්දෙනියාය, තෙලූල්ල, සිරිපුරගම, අඳාවෙල යාය, ආනපල්ලම, වැලිආර, දඹේආර, බලහරුව, හම්බෙගමුව, තනමල්විල ආදී ගම්මාන අද වන විට දරුණු ලෙස අලි - මිනිස් ගැටුමට ගොදුරු වී තිබෙන්නේ මේ සමාගමේ ඉඩම් කොල්ලයේ ප‍්‍රතිඵලයක් ලෙස ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ ගොවි ජනතාව වගා බිම් වලින් ඉවත් වී ඇත්තේ අලි - ඇතුන් වගා බිම්වලට හානි කිරීම හා සමාගමේ කි‍්‍රයාකාරීත්වය මත උද්ගත වී ඇති උග‍්‍ර ජල ප‍්‍රශ්නයට මුහුණ දීමේ හැකියාවක් නොමැති වීම හේතුවෙනි.

මෙලෙස වගා කටයුතු වලින් ඉවත්වන ගොවි ජනතාව හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රුපියල් 525 ක දෛනික දීමනාවකට මෑන්පවර් සමාගම් හරහා ඩෝල් සමාගමේ කම්කරුවන් ලෙස සේවයට යන තත්ත්වයට මේ ගැටලූ ව පරිවර්තනය වී ඇත. දිනපතා උදේ පාන්දර 3 සිට සවස 4 වන තුරු රසායනික ද්‍රව්‍ය වලට අධික ලෙස ගොදුරු වෙමින් සෞඛ්‍ය තර්ජනවලට මැදිව මේ වගා බිම්වල සේවයේ නිරත වීමට ගොවි ජනතාවට සිදු ව තිබේ. මෑන්පවර් සමාගම් ම`ගින් ඩෝල් සමාගමේ සේවයට ලබා ගන්නා කම්කරුවන්ට කිසිදු කම්කරු අයිතිවාසිකමක් ලබා නොදේ. 


කිරිදි ඔයේ ජලය නීති විරෝධීව මහ පරිමාණ ඩෝල් වගා බිම් වලට ලබා ගන්නා ආකාරය
අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සදහන් කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ඩෝල් සමාගම තම වගා බිම් වල කම්කරුවන් සේවයේ යෙදීම සිදු කරයි. විෂ කෘෂි රසායනික භාවිතා කරණ කිසිදු කම්කරුවකුට නිසි සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම හ`දුන්වාදී නොමැත. වසර කිහිපයක් පමණක් සේවය ලබා ගෙන රෝගී තත්ත්වයට පත් වන විට ඔවුන්ගේ සේවය නතර කරණ අතර නිසි වන්දි ගෙවීමක් හෝ සිදු නොකරයි. මෑන්පවර් සමාගම් ම`ගින් සේවය ලබා ගන්නා ඩෝල් සමාගම කම්කරුවන්ගේ සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් නිසි පරිදි තැන්පත් කිරීම ද සිදු නොකරති. මීට අමතරව සෞඛ්‍ය පහසුකම්, නිසි පරිදි නිවාඩු ලබා දීම හා රක්ෂණාවරණ ලබා නොදෙන අතර නොදන්වා සේවයෙන් පහ කිරීම වැනි ගැටලූ බොහොමයකට කම්කරුවන් මුහුණ දී සිටී. මෙම වගා බිම් වල කම්කරුවන් ලෙස සේවය කරණ බොහෝ පිරිසක් තම වගා බිම් වලින් ඉවත් වූ සුළු පරිමාණ ගොවිතැනේ නිරත වූ ගොවි ජනතාව ය. ඔවුන් මේ වන විට ඩෝල් සමාගමේ වහලූන් බවට පත් ව සිටී.

ඩෝල් සමාගම ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ඉතා ම හානි කර ලෙස කි‍්‍රයාත්මක වන සමාගමකි. ඩෝල් සමාගමේ ඉතිහාසය දෙස බැලූව ද එය කළු ඉතිහාසයක් ඇති සමාගමක් බව පෙනේ. ලෝකයේ රටවල් 90 කට පමණ එළවළු හා පලතුරු නිෂ්පාදන 300 කට වැඩි ප‍්‍රමාණයක් නිපදවන මේ සමාගම, 2005 වසරේ දී ඊකෝලයි රෝගකාරකය ඇමරිකාවේ ජනපද 26 ක ව්‍යාප්ත කිරීමට දායක වී තිබේ. සලාද කොළ මඟින් මේ රෝගකාරකය ඇරිසෝනා, කැලිෆෝනියා, මිනසෝටා, නිව්යෝක් ඇතුළු ජනපද 26 ක ව්‍යාප්ත කිරීමට හවුල් වී තිබේ. මීට අමතර ව නිකරගුවාවේ ඩෝල් සමාගමට අයත් වගා බිම්වල 1985 දී ඇමරිකාවේ තහනම් කළ ඩයිබ්‍රෝමො ක්ලෝරෝ ප්‍රොපේන් නම් පළිබෝධ නාශකය අධික ව භාවිත කර තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස සේවකයන් වඳ භාවයට පත් ව තිබේ. එම සේවකයන් විසින් මේ තත්ත්වය හේතුවෙන් සමාගමට එරෙහි ව නඩු පවරන ලදී. එහෙත් සමාගම සේවකයන්ට මුදල් ලබා දී, තමන් ඩෝල් සමාගමේ ඉඩම්වල සේවය කළ අය නො වන බවට අධිකරණය ඉදිරියේ දී ව්‍යාජ ප‍්‍රකාශ ලබා දීමට බලකර තිබේ. පසු ව 2009 වසරේ දී මේ නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජුවන් ඩොමින්ගෙස් හට අසත්‍ය සාක්ෂ්‍ය ඉදිරිපත් කිරීම, සාධාරණත්වයට අවහිර කිරීම, අධිකරණයට වංචා කිරීම හා ඇමෙරිකානු සමාගමකට එරෙහි ව කුමන්ත‍්‍රණ කිරීම ආදී අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශනයකට භාජනය වීමට පවා සිදු වූයේ ඩෝල් සමාගමේ සේවකයන්ට අල්ලස් ලබා දී අධිකරණය ඉදිරියේ ව්‍යාජ ප‍්‍රකාශ ලබා දීම හේතුවෙනි. ඩෝල් සමාගමේ මුදල් බලය ඉදිරියේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයකුට අවසානයේ සිදු වූයේ මෙවන් නොසිතූ ඉරණමකට මුහුණ දීමට ය. 

නිකරගුවාවේ, ඩෝල් සමාගමේ සේවකයනට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් ස්වීඩන් ජාතික ෆ්‍රෙඩි‍්‍රක් ගර්ට්න් විසින් වාර්තා චිත‍්‍රපටයක් නිපද වූ අතර, එය ලොස්ඇන්ජලිස් චිත‍්‍රපට උලෙළේ තිරගත කැරිණි. ඊට එරෙහි ව ඩෝල් සමාගම ලොස්ඇන්ජලිස් අධිකරණයේ නඩුවක් ගොනු කෙරිණ. 2010 වසරේ දී එය ප‍්‍රතික්ෂේප කළ අධිකරණය, මේ චිත‍්‍රපටය ඇමෙරිකාවේ පෙන්වීමට අවස්ථාව ලබා දුන් අතර, චිත‍්‍රපට නිෂ්පාදකයාට ඩොලර් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට ඩෝල් සමාගමට නියෝග කෙළේ ය. මේ ආකාරයෙන් කි‍්‍රයාත්මක වන සමාගමක් ලංකාවේ මහා පරිමාණ වගා කටයුතු සඳහා ආයෝජනය කිරීම පිළිබඳවත් රටට ගෙන්වා ගැනීම පිළිබඳවත් එම සමාගමට මහ පරිමාණයෙන් රජයේ ඉඩම් ලබා දීම පිළිබඳවත් රටේ අනාගතය ගැන සිතන පිරිසක් ලෙස අපි කනගාටු වෙමු.

මොනරාගල දිස්ති‍්‍රක්කයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු හා අමාත්‍යවරයකු වූ ජගත් පුෂ්පකුමාර මහතා සහ හිටපු ඌව පළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ හා ඔවුන් වටා සිටින පළාත් සභා හා ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රවරුන් විසින් මෙන්ම ප‍්‍රදේශයේ මහ පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් ඩෝල් සමාගමේ මේ සියලූ කි‍්‍රයාකාරීත්වයන්ට උදව් උපකාර කර තිබේ. මොනරාගල දිස්ති‍්‍රක්කයේ පිහිටි රජයේ ඉඩම් මෙම සමාගම සතු කර ගැනීම, පාරිසරික නීති උල්ලංඝනය කරමින් ව්‍යාපෘති ආරම්භ කිරීම පමණක් නොව විදුලි වැටවල් සකස් කරමින් ගංගාවල ජලය ලබා ගනිමින් අවට ජනතාව අලි - මිනිස් ගැටුමේ හා ජල අර්බුදයේ ගොදුරක් බවට පත් කරමින් ගැටලූවකින් තොරව ඩෝල් සමාගම පවත්වාගෙන යාම ඇතුළු සියලූ හානිකර කි‍්‍රයා සිදු කරන ලද්දේ මේ දේශපාලකයින් කිහිපදෙනාගේ පූර්ණ මැදිහත් වීම මත ය. 

ඒ සඳහා ඔවුන්ට ලැබෙන ප‍්‍රතිලාභ ප‍්‍රමාණය ද අති විශාල ය. පසුගිය රජයේ සමහර ඇමතිවරුන්ට ඩෝල් සමාගම අපනයනය කරන සෑම කෙසෙල් කිලෝ එකකින් ම මුදලක් හිමි විය. සමහරුන් මෙම සමාගමේ ප‍්‍රවාහන කටයුතු සඳහා වාහන සැපයීමේ කොන්ත‍්‍රාත්තු, සේවකයන් හා ඉඩම් සැපයීමේ කොන්ත‍්‍රාත්තු ඉටු කරමින් මුදල් ඉපැයීය. 

මීට අමතර ව පසුගිය රජය පැවති සමයේ ඌව පළාත්සභා මැතිවරණයේ දී මහ ඇමති අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ඩෝල් සමාගම ඡුන්ද කටයුතු සඳහා විශාල ධනස්කන්දයක් යෙදවීම පමණක් නොව සමාගමේ මොනරාගල කාර්යාලය පවා ඡුන්ද ප‍්‍රචාරණ කටයුතු වලට ලබා දී තිබුණි. මේ සියල්ලෙන්ම අනාවරණය වන්නේ ලෝකයේ අපකීර්තිමත් හා හානි කර සමාගමක් ලංකාවේ අක්මුල් විහිදුවමින් පාරිසරික නීති කිසිවක් නොතකමින් කිසිදු අනුමැතියකින් තොරව ලංකාව තුළ කි‍්‍රයාත්මක වීමට හැකි වී ඇත්තේ ප‍්‍රදේශයේ මේ දේශපාලකයින්ගේ උදව් උපකාරයෙන් බව ය. වත්මන් යහපාලන රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් අද වන විට ඩෝල් සමාගම වෙනුවෙන් පෙනී සිටින්නේ ද මේ ලාභාපේක්ෂාවෙනි.

ඌවේ ජනතාව සෞඛ්‍ය තර්ජන වලට, උග‍්‍ර ජල හි`ගයන්ට, අලි - මිනිස් ගැටුමේ ගොදුරක් බවට ඩෝල් සමාගම පත් කළ ද දේශපාලකයින් ට කිසිදු ගැටලූවක් නැත. ඔවුන්ට ලැබෙන කොමිස් මුදල් වෙනුවෙන් මේ සියල්ල පාවා දෙති. මේ යථාර්ථය රටේ ජනතාව මනාව තේරුම් ගත යුතු ය. එපමණක් නොව ඊට එරෙහිව නැගී සිටීම අත්‍යවශ්‍යය.

එපමණක් නොව ඩෝල් සමාගමට ලබා දී ඇති රජයට අයත් සියලූ ඉඩම් හා ගොවි ජනතාවට අයත් ඉඩම් නැවත පවරා ගැනීමට කඩිනමින් නීති කි‍්‍රයාත්මක කිරීමට බලපෑම් කළ යුතු ය. රජය ඉඩම් බැංකු ඇති කිරීම ම`ගින් මෙන් ම මෙවර නීල හරිත අයවැයේ ස`දහන් කර ඇති පරිදි විවිධ බෝග වගා කිරීමට ඉඩ සැලැසෙන පරිදි 1958 අංක 01 දරණ කුඹුරු පනත හා 1973 අංක 42 දරණ කෘෂිකාර්මික ඉඩම් පනත සංශෝධනය කිරීම හා විදේශ හිමිකම් සහිත සමාගම් වලට ඉඩම් අයිතිය සීමා කරණ 2014 අංක 38 දරණ ඉඩම් සීමා කිරීම සහ බැහැර කිරීමේ පනත හා ගොවි ඉඩම් විකිණීම හා මිල දී ගැනීම පහසු කෙරෙන පරිදි ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ ද ඩෝල් සමාගම වැනි බහු ජාතික සමාගම් වලට ජනතාවගේ වගා බිම් හා රජයේ ඉඩම් ලබා දිය හැකි නෛතික තත්ත්වයන් ඇති කිරීමට ය. 

මේ හරහා ඉදිරියේ දී මෙරට ජනතාවගේ ඉඩම් අයිතියට මෙන් ම කෘෂි බිම් වල අයිතිය පමණක් නොව කෘෂිකර්මාන්තයේ අයිතියට ද දරුණු බලපෑම් එල්ල වනු ඇත. එහි අවසාන ප‍්‍රතිඵලය මෙරට කෘෂි බිම් හා අනෙකුත් ඉඩම් පොදු ජනතාවට අහිමි කර බහු ජාතික සමාගම් අතට පත් කිරීම මෙන් ම එම ඉඩම් වල අධික ලෙස කෘෂි රසායනික භාවිතා කරමින් අපනයනය ස`දහා වාණිජ බෝග වගා කිරීම වර්ධනය වීම ය. එපමණක් නොව ඉඩම් අහිමි ගොවි ජනතාවට සිදු වනුයේ බහු ජාතික සමාගම් වල වගා බිම් වල වහලූන් බවට පත් වීමට ය. ඒ ම`ගින් මෙරට කෘෂිකර්මාන්තයට හා ජනතාවගේ ආහාර ස්වෛරීභාවයට දරුණු බලපෑම් එල්ල වීම වළක්වා ගත නොහැකිය. මේ තත්ත්වය පිටු දැකීමට වහා ම ජනතාව එක් ව පියවර ගත යුතු අතර ඉඩම් බැංකු පිහිටුවීමට සහ ඉඩම් හා කෘෂිකාර්මික අණපනත් හානිකර ලෙස සංශෝධනය කිරීමට එරෙහිව පෙළ ගැසිය යුතු ය. එපමණක් නොව ජනතා සහභාගීත්වයෙන් යුතු සැබෑ ඉඩම් ප‍්‍රතිසංස්කරණයක් ස`දහා රජයට බලපෑම් කළ යුතු ය. එමඟින් අප රටේ ගොවි ජනතාවගේ ජල අයිතිය හා වගා බිම් වල අයිතිය තහවුරු කළ හැකි වන අතර වන සතුන්ගේ පැවැත්මට හා ජල පෝෂක වල සුරක්ෂිතතාව උදෙසා ප‍්‍රකාශයට පත් කර ඇති රක්ෂිත වනාන්තර වල පැවැත්ම ද තහවුරු කළ හැකි වනු ඇත. 

- සජීව චාමිකර
(ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය)

Powered by Blogger.