'පුංචි ඡන්දේ පෙබරවාරි 10 : එජාපෙ දිනනවා' - හැරිසන්


පළාත් පාලන ඡන්ද විමසීම ලබන පෙබරවාරි 10 වන දින පවත්වන බව අමාත්‍ය පී හැරිසන් පවසනවා.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ස්ථීර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය ජය ගන්නා බවයි ඔහු කියා සිටියේ.

වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා එක්ව කටයුතු කළ යුතු බවට හිටපු අග්‍රාමාත්‍ය ඩී.එම්. ජයරත්න මහතා ප්‍රකාශ කරිම සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

අමාත්‍යවරයා කියා සිටියේ ඕනෑම කෙනෙකුට ප්‍රකාශ කිරිමේ අයිතිය ඇති බවයි.

Powered by Blogger.