ඩිලාන්ගේ පොහොට්ටු කතාවට දුමින්දගෙන් ප්‍රහාරයක්.


දෙහිඅත්තකණ්‌ඩිය සහ පදියතලාව ප්‍රාදේශීය සභාවලට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්‌ෂේප වූ නිසා ඒවායේ ශ්‍රීලනිප ඡන්ද පොදුජන පෙරමුණට ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පසුගියදා පැවසුවද එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය පවසයි.

රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා කර ඇති ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික ප්‍රකාශයක්‌ පමණක් බවත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය පොදුජන පෙරමුණට පාවා දෙන්නට සූදානම් නැති බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසිය.

පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට කිසිම දේශපාලන ගනුදෙනුවක්‌ නැතැයිද ප්‍රතික්‌ෂේප වූ නාමයෝජනා වෙනුවෙන් පක්‌ෂය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමතිවරයා කියා සිටියේය.

පොදුජන පෙරමුණට සහය දෙන ඒකාබද්ද විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව කටයුතු කරන බවද දුමින්ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

Powered by Blogger.