ජනවාරියේ විශේෂ අධිකරණ 3ක්.


රජයක් විදිහ විශේෂ නඩු කටයුතු කඩිනම් කිරිම සඳහා ලබන ජනවාරි මාසයේ විශේෂ  නඩු කඩිනම් කිරිම සදහා  ත්‍රි පුද්ගල අධිකරණ  3ක් ජනවාරි සිට ආරම්භ කිරිමට කටයුතු කරන බව අධිකරණ හා විදේශ රැකියා කටයුතු අමාත්‍ය නිතිඥ තලතා අතුකොරළ මහත්මිය මාතලේ දි  පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ  රුපියල් මිලියන 400ක වියදමින් මාතලේ නව අධිකරණ සංකිර්ණය සඳහා මුල්ගල් තැබිමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

කාන්තා හා ළමා හිංසනයන් පිලිබඳ ලිපි ගොනු 19000ක් නිතිපති දෙපාර්තමේන්තුවේ පවතින බවත් එම නඩු ඇසීම සඳහා වෙනම අංශයක් ආරම්භ කරන බවය.

ට අප පලමු වගකිම වෙන්නේ උපරිම මට්ටමකින්  ජනතාවගේ මනස  හොදින් තියලා හොද සෞඛ්‍ය සම්පන්න , හොද මානසික මට්ටමක  ඉන්න ජනතාවක් බිහිකිරිම අපේ වගකිමයි.ගණන් හිලව් අනුව බලන විට පසුගිය වර් ෂයේ  නඩු 13492 ක්  මේ වසරට  එකතුවෙලා .මේ වසරට නඩු 20,000 ක් විතර මාතලේ අධිකරන තුනේදි පමනක් .තවත් 10,000 ක්විතර ඉතිරිවෙලා එන වසරට  12,000 පමණ වේයයි හිතෙනවා .පොලිසියේ කාය්‍ය භාරයත් අවශ්‍යයි  නඩු විසාල ප්‍රමානයක් එකතුවිම පිලිබදව.ඒ වගේම අනික් පැත්තත්සොයලා බලන්න වෙනවා  නඩු ප්‍රමාද විම ගැනත් කථා කරනවා .විශේෂයෙන් නඩු ප්‍රමාද විමට හේතුව මේ ටික කාලය තුල දි  ජනාධිපති තුමාත් අගමැති තුමාත්  පාර් ලිමේන්තුාවේ පත්වුනාට පස්සේ වැඩ කටයුතු පිලිබදව ආර් ථික අධික්ෂණ ක්‍රමයක් ඇතිකල නිසා  අධික්ෂණ කමිටුව නඩු ප්‍රමාදවිම සම්බන්ධයෙන් නිර් දේස ලබාදිල තිබුනා . නිතිඥ  හා අධිකරන පිලිබදවත්  අපරාධ නඩුපිලිබදවත්  මේවා ගැන අධ්‍යනයක්  කරලා විය යුතුදේ අප්‍රමාදව ඉටුකලා  තවද අධික්ෂණ කමිටුවේ යෝජනා අනුව මහාධිකරන විනිසුරු ප්‍රමානය වැඩිකලා .75 - 110 දක්වා 2018 වෙනකොට  නිතිපති දෙපාර් තමේන්තුවට 100 ක් බදවා ගැනිමට කටයුතු කරනවා .නිතිපති දෙපාර් තමේන්තුවේ තියෙනවා දරුවන් හා කාන්තාවන් පිලිබද පයිල් 19,000 ක්  එම නිසා වෙනමම අංශයක් පිහිටුවනවා .විශේෂ නඩු හැටියට නඩු කඩිනම් කරන්න  ත්‍රි පුද්ගල අධිකරණ  3ක් ජනවාරි සිට ආරම්භ කරනවා .මේ කාය්‍ය භාරය ඉටුවිය යුතුයි .අද මනුශ්‍ය යෙක් නඩුවකට සාක්ෂියක් දෙන්නවත් ඉදිරිපත් වෙන්නේ නැහැ  කරදර වැඩක් විදිහට සලකන්නේ .තර් ජන ගර් ජන තියෙනවා  ලමා අපචාර පිලිබදව සමාජ ප්‍රශ්න තියෙනවා . සමාජයේ තියෙන ගැටලුවලට විසදුම් සොයන්න අමාරුයි .රටේ මිනිස්සු හොද මානසික තත්වයකින් ජිවත් වෙනවානම්  අපි අහන දකින  අපචාර සිද්ධ වෙන්නේ නැහැ.අද මේ නිසාම කුහක කම වෛයිරය ක්‍රෝධය  අපි පතුරුවාගෙන යනවා .මාතලේ උසාවි සංකිර් නය හදන්න ගියාම උද්ගෝෂණ කරනවා  අලුත් කඩේ උසාවිය ලග පාසල් කියක් තියෙනවාද . මාතලේ උසාවිය ලග පාසලක් තිබුනා කියලා ප්‍රශ්නයක් නැහැ . උසාවියට බධාවක් නැතිව මේ හදන සංකිර් නයේ   ශබ්දයක් නැතිව කරන්න හැකි විදිහට මධ්‍යම ඉංජිනේරු කාය්‍යංශයෙන්  ගොඩනැගිලි ඉදි කරලා තියෙන්නේ සැලසුම් එහෙමයි .අනික මේ රජය උද්ගෝෂණවලට ඉඩ දිලා තියෙන්නේ  ජනාධිපති තුමයි අගමැති තුමයි ඉඩදිල  තියෙන්නේ එය මුලික මිනිස් අයිතිවාසිකමක් . කිසිම ප්‍රශ්නයක් නැ. උද්ගෝෂණ කරලා රටක ප්‍රශ්න විසදන්න බැ.අපි හැම දෙයක් ගැනම උවමනාවෙන් වැඩ කරන්නේ . රජයක් විදිහට විය යුතු දේ කරනවා .අද විනිසුරු තුමන්ලාගේ තත්වය කිසිම කෙනෙක් දන්නේ නැහැ ලොකු කැප කිරිමක් කරනවා ජිවිතයේ ගොඩාක් දේවල් අවහිර කරගෙන නැති කරගෙන  වැඩ කරන වැඩි ප්‍රමානයක් ඉන්නවා .කැප කිරිමෙන් තනතුරේ ගෞරවය තියාගෙන ඉන්නවා .එතුමන්ලාගේ ඇගැයිම අපේ වගකිමයි කාර්යභාරය ඉටුකල යුතුයි.නිතිඥ මහත්වරුනුත් එහෙමයි විසාල වැඩ කොටසක් කරනවා .නඩු ප්‍රමාද විම් පිලිබදව අපි වැඩ කරනකොට නිතිඥ සහය ඉතාම වටිනවා . මනුශ්‍ය වර් ගය අපිම එකිනෙකාට ගරු කරමින් සියලු දෙනාගේ ම ප්‍රශ්න හදුනාගෙන  අපි වැඩ කල යුත්තේ අවබෝධ කරගෙනයි .අධිකරන වල නිලධාරින් පිලිබදව  පැමිනිලි තියෙනවා පුදුම හිතෙනවා .මේ පිලිබදව අධිකරනසේවා කොමිෂන් සභාව මැදිහත්වෙලා අධිකරන ස්වාධිනත්වය  වගේම  අධිකරනය ගැන ඉහලින්ම කථා කරන රජයක්  වශයෙන්  තහවුරු කිරිම  අපේ වගකිමක්. ඒ වගේම අධිකරන සේවා කොමිසන් සභාව  යටතේ ඉන්න ප්‍රමානය  සියලු දෙනාගේම වගකිම හා  යුතු කමක් විදිහට  සැලකිම අත්‍යවශ්‍ය වෙනවා .මේ හැම දෙයක්ම කරනකොට නඩු ප්‍රමාද විම් ඉබේම නතරවෙනවා .මාහාධිකරනය මහනුවරට පොලිස් බල ප්‍රදේශ 37 ක් ඇතුලත් වෙනවා.ඒ පොලිසි 37 ම මහනුවර අධිකරනයට යන්න ඹ්නැ .මේ තත්වය තෙරුම් අරන් මේ වැඩය ආරම්භ කලේ තාවකාලික මහාධිකරනයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා . අප්‍රෙල් නිවාඩුවෙන් පස්සේ  අවශ්‍ය කටයුතු කරන බවද අමාත්‍ය තුමිය පැවැසිය . 

මෙහිදි අදහස් දැක්වු කෘෂීකර්ම රාජ්‍ය අමාාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා සදහන් කළේ මෙම අධිකරණ සංකිර්ණය ඉදිකිරිම තුළින් මාතලේ පමණක් නොව විල්ගමුව ලග්ගල ආදි ප්‍රදේශවල ජනතාවට මහත් අස්වැසිල්ලක් සිදු වන බවත් මෙම අධිකරණ සංකිර්ණය ඉදිකිරම තුළින් මාතලේ නගරය ක්‍රිඩාවේ සහ පරිපාලනයේ නගරයක් බවට පත් කිරිමට මනා පිටිවුහලක් වන බවද පැවසිය.

වත්මන් රජය යටතේ මාතලේ සංවර්ධනයට තවත් පියවරක් එක් කරමින් රුපියල් මිලියන 400ක වියදමින් මාතලේ නව අධීකරණ සංකිර්ණයට මුල්ගල් තැබිම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ආරාධනයෙන් අධීකරණ හා විදේශ රැකියා ඇමතිනි නිතිඥ තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබු අතර මෙම අධිකරණ සංකිර්ණය යටතේ මහාධීකරණය,දිසා අධිකරණය සහ මහෙස්ත්‍රාත් අධීකරණය ස්ථාපිත කිරිමට නියමිතය.

පිළිගැනිමේ කථාව මාතලේ දිසාා විනිසුරු රවින්ද්‍ර පේමරත්න මහතා විසින් සිදු කළ තර ස්තුති කථාව මාතලේ නිතඥ සංගමය වෙනුවෙන් නිතිඥ චම්පක විජේරත්න මහතා විසින් සිදු කළේය.

  මෙම අවස්ථාවට මහනුවර මධ්‍යම පළාත්බද මහාධීකරණ විනිසුරු කුසලා සරෝජනි විරවර්ධන,මාතලේ දිසා විනිසුරු රවින්ද්‍ර පේමරත්න, මාතලේ මහෙස්ත්‍රාත් සේසිරි හේරත්,මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමෙන්තු මන්ත්‍රි රංජිත් අලුවිහාරේ ,මධ්‍යම පළාත් සභාා මන්ත්‍රි වරුන් වන ඒ.එච් ඉබ්‍රාහිම්,ඩබ්.එම් යසමාන,අධීකරණ අමාත්‍යංශ ලේකම් පද්මසිි ජයමාන්න,මාතලේ අතිරේක දිසාපති ඉෂාන් විජේතිලක,මාතලේ ප්‍රදේශීය ලේකම් කේ.පි.කේ එල් මධූවන්ති යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න,මාතලේ රවින්ද්‍ර විරාජ් අබේසිරි,මාතලේ අධීකරණ සරත් කුසුම්සිරි රණසිංහ)                             

Powered by Blogger.