'පක්ෂය වෙනුවෙන් ජනපති, තම තනතුර අත්හැරීමට සූදානම් වුණා'


පක්ෂය සමඟි කිරීම සඳහා පක්ෂ සභාපතිධුරය පවා අත් හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානමින් සිටි බවත් ඒකාබද්ධයේ ඉතා සුළු පිරිසකගේ අවශ්‍යතාව මත පක්ෂයට එකතුවීමට නොහැකි වූ බවත්  ඊයේ (16දා)  පස්වරුවේ විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ සභාපති ලෙසත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම හා එක්ව විශාල කැපවීමක් කරමින් සාකච්ඡා කළ බවත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට ඒකාබද්ධයේ වැඩි පිරිසක් මෙම සමඟිය අවශ්‍යය යැයි කියන මතයේ සිටියත් කිහිප දෙනෙකු පෞද්ගලික අවශ්‍යතා මත සමඟිය බිඳ දැමූ බවද අමාත්‍යවරයා එහිදී කීය.

ඒකාබද්ධයේ අය පක්ෂය සමඟ එක්ව වැඩ කිරීමට කැමැති වූයේ නම් තනතුරු පවා ලබා දීමට මධ්‍යම කාරක සභාව කැමැත්ත පළකර සිටි අතර පක්ෂය කැඩීමේ අවශ්‍යතාවෙන් සිටි සුළු පිරිසකගේ මතය ඒකාබද්ධය තුළ ප්‍රබල වීම නිසා සියලු අපේක්ෂා සුණු විසුණුවී ගිය බවද අමුණුගම මහතා එහිදී පැවැසීය.

Powered by Blogger.