චීන්නු 100 ක් ලංකාවේ දී කසාඳ බඳී.


චීන යුවළ 50 ක් එකම මංගල උත්සවයක දී ඊයේ (17) දිනයේ දී යුග දිවියට පිවිසි අතර මෙම මහා මංගලෝත්සවය කොළඹ පුරහල භූමියේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවට දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන්නේ චීනයෙන් වන අතර එම සංඛ්‍යාව ශ්‍රී ලංකාවට පැමිණෙන සමස්ත සංචාරකයින්ගෙන් සියයට 13 ක් පමණ වේ.

චීන සංචාරකයින් හට ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මෙහිදී විවාහපත් වූවන් අතර අලුතින්ම යුගදිවියට ඇතුල් වූ යුවළ මෙන්ම, දැනටමත් විවාහ දිවියට පිවිසි කිහිප දෙනෙකුද විය. ඔවුන් සිය විවාහ දිවිය නැවුම් අරුතක් දීමේ අරමුණින් මෙලෙස යළිත් වරක් විවාහ දිවියට එක් වී තිබේ.

මෙම නව යුවළ 50 අතර බටහිර ඇඳුමින් මෙන්ම සම්ප්‍රදායික උඩරට ඇඳුමින් ද සැරසුණු විවාහ යුවළ සිටිනු දක්නට ලැබිණි.

ඡායාරූපය - REUTERS/Dinuka Liyanawatte

Powered by Blogger.