Ads Top

Ray Ad

රවී යලි ගෙන එන සටන බැඳුම්කර කොමිසමෙන් ඇරඹෙයි.


මීළඟ මැතිවරණයට පෙර සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයේ දී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට යලිත් අමාත්‍යධුරයක් ලබා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට Info Sri Lanka News වෙත වාර්තා වේ.

එහි පළමු පියවර වශයෙන් පසුගියදා බැඳුම්කර කොමිසම හමුවේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ විසින් ඉදිරිපත් කරන ලද දැක්වීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායකගේ නීතිඥවරුන් විසින් බැඳුම්කර කොමිසම වෙත ලිපියක් යවා තිබේ.

එහි සඳහන් කර ඇත්තේ ,බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂිකාරියක වූ අනිකා විජේසූරියට එල්ලවූ , මරණ තර්ජන හමුවේ රටින් පලායාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ද සිදුකරන්නැයි ඉල්ලීම් කරමිනි.

අනිකා විජේසූරියට මරණ තර්ජන එල්ල කර ඇතැයි යසන්ත කෝදාගොඩ විසින් බැඳුම්කර කොමිසම හමුවේ දැනුම් දුන්නද ඒ පිළිබඳ කිසිඳු පොලිස් පැමිණිල්ලක් මෙතෙක් සිදුකර නොමැති බවද ,එසේම කිසිඳු විමර්ශනයක් හෝ සිදුකිරීමට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කටයුතු කොට නැතැයි ද රවී කරුණානායක ගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

අනිකා විජේසූරියට හා ඇයගේ සොයුරු විජිත විජේසූරියට සිදුවූ බව කියන මරණ තර්ජන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ශනිල් නෙත්තිකුමාර නමැත්තකුටය. එහෙත් මෙම සිද්ධියෙන් පසු ශනිල් නෙත්තිකුමාර නමැත්තා ද මෙම සිද්ධියට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවට කුරුඳුවත්ත පොලීසියේ පැමිණිල්ලක් කර තිබෙන බවද මෙම ලිපියේ සඳහන් වෙයි.

එසේම ශනිල් නෙත්තිකුමාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකර ඇති බව ද ලිපියේ සඳහන් වේ.


පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායකට දෙස් විදෙස් මාධ්‍ය මගින් එල්ල වී ඇති අයහපත් පළකිරීම් හේතුවෙන් සිදුවී ඇති අසාධාරණය සළකා බලා මෙම මරණ තර්ජන සිද්ධියට කිසිඳු සම්බන්ධයක් නොමැති රවි කරුණානායක මන්ත‍්‍රීවරයාට යුක්තිය ඉටුකිරීමට කටයුතු කරන ලෙසයි එම ලිපිය මගින් නීතිඥවරුන් බැඳුම්කර කොමිසමෙන් ඉල්ලා ඇත.

දුෂණ විරෝධීන් සාකච්ඡාවක

පසුගිය දා පැවති දුෂණ විරෝධී සංවිධාන කිහිපයක දී මෙම කරුණ සාකච්ඡා වී ඇති අතර බැඳුම්කර චෝදනාවට ලක්ව තිබෙන රවි කරුණානායක මන්ත‍්‍රීවරයාට යලි අමාත්‍යධුරයක් ලබා දීමට විරුද්ධව ක්‍රියා කිරීමට ඔවුන් තීරණය කල බව වාර්තා වේ.


රනිල්ගෙන් රවීට ටොක්කක්.

මීට සති දෙක තුනකට පෙර තංගල්ලේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සහභාගි වූ රැස්වීමක් සම්බන්ධයෙන් රවි කරුණානායක මහතාට අග්‍රාමාත්‍යවරයා ද අවවාද කර ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා කර තිබුණි.


Powered by Blogger.