තරුණයෙකු පැහැර ගැනීමේ නඩුවෙන් හිරුණිකා බේරෙයි. - Info Sri Lanka News | Sinhala

තරුණයෙකු පැහැර ගැනීමේ නඩුවෙන් හිරුණිකා බේරෙයි.


දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට සම්බන්ධ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මුදාහැර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 9 කට පවරා ඇති නඩුවේ විත්තිකරුවන් 8 දෙනෙක් අදාල චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා ඔවුන්ට දඬුවම් නියම කිරිම 24 වැනි දා දක්වා කල් තැබිය.

2015 දෙසැම්බර් 21 වනදා ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය ඇතුළු 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

Share on Google Plus