ගිංතොට ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය. [UPDATE]


(UPDATE) ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (17) රාත්‍රීයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති.

⁣මීට ටික වේලාවකට පෙර ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් කියැවේ. හෙට (19 වැනිදා) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.

පොලිසිය පවසන්නේ තවදුරටත් ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කරමින් පවතින බවයි. 

මින් සුළු වේලාවකට පෙර නිතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මැදිහත් වීමෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ බල ඇණි ගිංතොට ප්‍රදේශයට කැඳවූ බව ද දැනගන්නට ඇත.

අනවශ්‍ය ලෙස කලබල ඇති නොකරන්නැයි අසත්‍ය ප්‍රචාරවල හසු නොවන්නැයි ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්නන්ට එරෙහිව ද දැඩි නීතිමය පියවර ගන්නා බව ද ගුණසේකර මහතා තවදුරටත් කීවේය.

Powered by Blogger.