සම්ප්‍රදාය වෙනස් කරමින් බෙල්ලන්විල අනු නාහිමියෝ ඉල්ලා අස්වෙති.


සම්ප්‍රදාය වෙනස් කරමින් හා රටට ආදර්ශයක් ලබා දීම සඳහා කෝට්ටේ කල්‍යාණී සාමාග්‍රී ධර්ම සංඝ සභාවේ අනුනායක ධුරයෙන් තමන් වහන්සේ ඉල්ලා අස් වූ බව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ පැවසති.‍

කෝට්ටේ නාග විහාරයේ පරිපාලන ගැටලුවලට තමන් වහන්සේ කිසිදු මැදිහත්වීමක් සිදු නොවූ බවත්  තමා ධුරයෙන් ඉල්ලා අස්වීම හා එම ගැටලුව අතර කිසිදු සබඳතාවක් නැතැයි ද බෙල්ලන්විල විමලරතන නා හිමියෝ කීහ.

“තනතුරෙන් ඉල්ලා අස් වෙන්න මම තීරණය කළා. සාම්ප්‍රදායට අනුව අපවත්වනතුරු එම තනතුර දරන්න පුළුවන්. ඒත් රටට ආදර්ශයක් දෙන්න හිතුණා.මා සංඝ සභාවේ විවිධ තනතුරු දරමින් වසර 30ක කාලයක් පමණ සේවය කළා. එක වයසකට ආවම වෙනත් හිමිනමකට එම අවස්ථාවට පත් වෙන්න ඉඩ තබා මම ඉල්ලා අස් වුණා. එහෙම නැතුව කෝට්ටේ නාග විහාරයේ පරිපාලන ගැටලුවට මා මැදිහත් වුණේ නැහැ.ඒ ප්‍රශ්නය මගේ ඉල්ලා අස්වීමට සම්බන්ධයක් නැහැ”  යැයිද  විමලරතන නා හිමියෝ වැඩිදුරටත් පවසා සිටියහ.

ඉත්තෑපානේ ධම්මාලංකාර මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 18දා පස්වරුවේ කෝට්ටේ රාජමහා විහාරස්ථානයේදී කෝට්ටේ කල්‍යාණි සාමාග්‍රී ධර්ම සංඝ සභාව රැස් වූ අවස්ථාවේදී බෙල්ලන්විල විමලරතන නා හිමියන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මහානායක හිමියන් වෙත බාර දී තිබේ.

Powered by Blogger.