අයවැයෙන් පස්සේ ඇමතිකම් වෙනසක්. - Info Sri Lanka News | Sinhala

අයවැයෙන් පස්සේ ඇමතිකම් වෙනසක්.


අයවැයෙන් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමට ඉඩ ඇති බව වාර්තාවේ. එහිදී  නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක  මහතාගේ හා ඛණිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග යන මහතුන්ගේ ආමාත්‍ය ධුරවල වෙනසක් ඇති වීමට ඉඩ ඇති බව වාර්තා වේ. 

රාජපක්ෂ පාලනයේ දී  සිදු වූ බවට චෝදනා එල්ලව පැමිණිළි ලැබී ඇති පරීක්ෂණ  කඩිනමින් සිදු නොවීම සම්බන්ධයෙන් රත්නායක මහතාට දිගින් දිගටම චෝදනා එල්ල විය. මීට අමතරව සිය අමාත්‍යාංශයේ වැඩ සිදු නොකර ක‍්‍රිකට් සම්බන්ධයෙන්  සොයා බලමින් කටයුතු කිරීම නිසා පසුගිය සතියේ මහත් අන්දෝලනයකට ලක් වූ තෙල් අර්බුදය සම්බන්ධයෙන් රණතුංග මහතාට  චෝදනා එල්ල වී ඇත.

මේ අතර එසේ අමාත්‍ය ධුරවල වෙනසක් සිදු කරන්නේ නම් දයාසිරි ජයසේකර  ඇමැතිවරයාගේ  ද ධුරයේ වෙනසක් සිදු කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාට යෝජනාවක් ගෙන ඒමට සූදානම් බවට තොරතුරු වාර්තා වෙයි.

අයවැයෙන් පසුව  කැබිනට් සංශෝධන සිදු කළහොත් එළඹෙන පළාත් පාලන ඡුන්දයට එමඟින් බලපෑමක් සිදු විය හැකි නිසා එය සිදු නොකරන ලෙස ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

පළාත් පාලන මැතිවරණය ජනවාරි අවසානයේ පැවැත් වෙන බවට  තොරතුරු වාර්තා වන නිසා පෙබරවාරි මාසයේ එම මැතිවරණයෙන් පත් වන පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්  වැඩ  බාර ගැනීමේ උත්සව හා පෙබරවාරි මාසය අඩු මාසයක් බැවින් කැබිනට් සංසෝධනයක් නොවන බවට ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

-චමින්ද සේනාරත්න

Share on Google Plus