එජාප - ශ්‍රීලනිප ගැටුම් ලිහන්න චන්ද්‍රිකා පෙරට.


යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් දෙදෙනා වන එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානින් අතර මතුව ඇති අභ්‍යන්තර මත ගැටුම් සමතයකට පත් කිරීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඉදිරිපත්ව ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟකරවා ගනිමින්, ඒ සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහය ලබාගැනීමට මැදිහත්වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියයි.

ඇය මේවනවිට ශ්‍රීලනිප අනුශාෂිකාව ලෙස කටයුතු කරයි.

ඇය ඊයේ (28) පස්වරුවේ සිය නිල නිවාසයට සිවිල් සංවිධාන ප්‍රධානින් කිහිප දෙනෙකු කැඳවා ආණ්ඩුවේ සමගිය තහවුරු කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇත.

පුංචි ඡන්දයට පෙර අලුත් වැඩක් !

රාජපක්ෂ පාලනය පලවා හැර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීමටත්, නව ආණ්ඩුව බලයට පත්කිරීමටත් විශාල කාර්යභාරයක් ඉටුකළ මෙම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් මෙහිදී කාලින වශයෙන් වැදගත් යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර ඇත.

පළාත් පාලන මැතිවරණයට පෙර එජාප හා ශ්‍රීලනිප මුලිකත්වයෙන් සිදුකල හැකි දේශපාලන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති හා අගමැති සමග සාකච්ජා කිරීමට ද තීරණය කර තිබේ.

Powered by Blogger.