ලක්ෂ 10 කට මරුටි ඉලෙක්ට්‍රික් කාරය ළඟදීම.


මරුටි හි මව් සමාගම වන සුසුකි හා ටොයෝටා සමාගම් ද්විත්වය අතර අවබෝධතා ගිවිසුමකට පසුගිය සිකුරාදා අත්සන් තබන ලදී. මේ අනුව වසර 2 ක කාලයක් තුළ දී පළමු මරුටි ඉලෙක්ට්‍රික් මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

Bank of America-Merrill Lynch (BofA-ML) විසින් ප්‍රකාශයට පත් කර ඇති විශ්ලේෂණ  වාර්තාවක සඳහන් වන්නේ 2025 වසර වන විට ගෝලීය මෝටර් රථ සංඛ්‍යාවෙන් 12% ක් ඉලෙක්ට්‍රික් මෝටර් රථ වනු ඇති බවත් වසර 2030 වන විට එය 2030 දක්වා ඉහළ යනු ඇති බවත්ය. එසේම මෙම වාර්තාවට අනුව 2050 වසර වන විට ලොව පුරා භාවිත මෝටර් රථ ප්‍රමාණයෙන් ඉලෙක්ට්‍රික් මෝටර් රථ සංඛ්‍යාව 90% ට වඩා වැඩි වනු ඇති බව පුරෝකථනය කර තිබේ.

ඉන්දියානු මාධ්‍ය වාර්තා මෙම මුලපිරීම පිළිබඳව සිය වාර්තා මගින් අනාවරණය කර සිටිනුයේ මරුටි ඉලෙක්ට්‍රික් මෝටර් රථයක මිල ඇමරිකානු ඩොලර් 16,000 ක් පමණ වනු ඇති බවයි. එය ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් මිලියනයක් පමණ වනු ඇති බව එම වාර්තා වැඩිදුරටත් කියා සිටී.

සුසුකි හා ටොයෝටා සමාගම් අතර අත්සන් තබන ලද මෙම ගිවිසුමට අනුව ඉන්දියානු වෙළෙඳපොළ සඳහා විශේෂ වූ ඉලෙක්ට්‍රික් මෝටර් රථ සුසුකි විසින් නිපදවනු ලබන අතර ඊට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ටොයෝටා විසින් ලබා දීමට නියමිතය.

ඉන්දියාවේ භාවිත වන සියලූම වාහන 2030 වන විට ඉලෙක්ට්‍රික් ඒවා විය යුතු බවට ප්‍රතිපත්තිමය සැලැස්මක් මීට පෙර ප්‍රකාශයට පත් වූ අතර මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ 2040 වන ශ්‍රී ලංකාවේ භාවිත සියලු වාහන ඛනිජමය ඉන්ධන නොවන බලශක්ති මගින් ධාවනය වන ඒවා බවට පත් කරලීමට සැලසුම් කරනු ලබන බවයි.

Powered by Blogger.