සිගරැට්‌වලට තිබ්බ අත කිරිපිටි වලටත්. - Info Sri Lanka News | Sinhala

සිගරැට්‌වලට තිබ්බ අත කිරිපිටි වලටත්.


සිගරට්‌වලට තැබූ අත කිරිපිටි සඳහාද තබමින් කිරිපිටි ආනයනයට සීමා පනවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.  

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති ජනතා හමුවකදීය.

ලෝකයේ කිරිපිටි භාවිත කරන රටවල් 15 ක්‌ ඇති බවත් ඉන් ප්‍රධාන රටක්‌ බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පැවසූ ජනාධිපතිවරයා එවැනි තත්ත්වයකට පත්වීම පිළිබඳ අප ලැඡ්ජාවට පත්විය යුතු බවද කීවේය.

රටේ කිරි අවශ්‍යතාව සපුරාලීම සඳහා දේශීය කිරි ගොවීන්ට හැකියාව ඇති බවත් ඒ අනුව ළදරු කිරි පිටි හැර සෙසු කිරිපිටි ආනයනය සඳහා ඉදිරියේදී සීමා පැනවීමට තමා පියවර ගන්නා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share on Google Plus