රන්ජාව ගමෙන් පන්නා, තාරකට හබරාදුව දුන් එජාපයේ 'වෙනස'. - Info Sri Lanka News | Sinhala

රන්ජාව ගමෙන් පන්නා, තාරකට හබරාදුව දුන් එජාපයේ 'වෙනස'.


එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ආසන සංවිධායක ධූරය කිත්සිරි මංචනායක මහතාට ලබාදී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරු 34 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම අද (30) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී සිදු කෙරිණි.

හිටපු මුදල් ඇමැති රවී කරුණානායක, හිටපු රාජ්‍ය ඇමැතීනී රෝසි සේනානායක හා රාජ්‍ය ව්‍යසාය සංවර්ධන ඇමැති කබිර් හෂිම් යන මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

දිවුලපිටිය එජාප සංවිධායක ලෙස පසුගිය කාලයේ කටයුතු කරනු ලබුවේ සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාය.

රන්ජන්ට පෙර දිවුලපිටියේ සංවිධායකවූයේ ද කිත්සිරි මහතාය.

රාමනායක මහතා දිවුලපිටියේ සංවිධායකවීමට පෙර කටානේ එජාප ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේය.

රන්ජන් 2015 මැයි 21 වැනිදා දිවුලපිටියේ සංවිධායක කළ අවස්ථාවේ ඔහු මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකි.

"මම හිටියේ කටාන ප්‍රධාන සංවිධායක. මම අගමැතිතුමාගෙන් ඉල්ලුවා මගේ ගම කටාන. මම ඉන්නේ ගෙවල් දොරවල් ඉස්කෝලේ ගියේ කටානේ. ගම්පහ දිස්ත්‍රික්කයේ. මට රත්නපුරේ දුර වැඩියි කියද්දි තමයි එතුමා කිව්වේ. මහ ඇමති අපේක්ෂක කෙනෙක් නෑ. ඒකට යන්න කියලා. ගිහිල්ලා ඒ අභියෝගය ජයගෙන ජයග්‍රහණය අත්පත් කරලා දීලා. නැවත මම ගමට ආවා."

කෙසේවුවද, අද පත් කළ නව සංවිධායකයින් අතර කටාන ආසනයට නව සංවිධායකයකු පත්කර නොමැති බවද එජාප ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


මේ අතර හබරාදුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ජාතික යොවුන් පෙරමුණු ලේකම් තාරක නානායක්කාර තේරීපත්වී තිබේ.

මෙසේ තේරී පත්වූ නව සංවිධායකවරු පහතින්,

නව ආසන සංවිධායකවරු මෙසේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර - රත්මලාන
හිරණ්‍යා හේරත් - වලපනේ
රෝසි සේනානායක - නැගෙනහිර කොළඹ
තලතා අතුකෝරල - බලංගොඩ
ලකී ජයවර්ධන - ගම්පොළ
අජිත් පතිරණ - බොරැල්ල
අසෝක ප්‍රියන්ත - නාත්තන්ඩිය
හෙක්ටර් අප්පුහාමි - පුත්තලම 1
නවීන් දිසානායක - නුවරඑළිය
ඉම්රාන් මහරුෆ් - ත්‍රිකුණාමලය
නාලක ප්‍රසාද් කොලොන්නේ - මින්නේරිය
හේෂාන් විජේවිතාන - රක්වාන
ශාන්ත අබේසේකර - හලාවත
ජයන්ත ද සිල්වා
අනුරාධ නායක - හොරොව්පතාන 2
නාස්මි - පුත්තලම 2
සහිදු - හොරෙව්පතාන - 1
රොයිස් ප්‍රනාන්දු - මිගමුව
අසෝක ප්‍රියන්ත - කොත්මලේ
චන්ද්‍රසෝම සන්දීර - අත්තනගල්ල
ජයරත්න - පොල්ගහවෙල 2
අනුර සිරිසේන - සේරුවිල
අජිත් රෝහණ - පොල්ගහවෙල 1
කිත්සිරි මංචනායක - දිවුලපිටිය
හසන් අලී - සමන්තුරේ
හර්ෂ කුමාර ගලප්පත්ති - දෙවිනුවර
ගනේෂ් මුර්ති - පදිරිප්පුව
සංජිව කරුණාතිලක - රත්ගම
තාරක නානයක්කාර - හබරාදුව
චන්න ගලප්පත්ති - තෙල්දෙණිය
ජමීල් මරික්කාර් - බේරුවල
කපිල කළුපහණ - ත්‍රිකුණාමලය
මදීෂ පෙරේරා - කළුතර
කින්ස් නෙල්සන් - පොළොන්නරුව

රාමනායක මහතා ඊයේ (29) ස්වර්ණවාහියේ නිවේදක ලහිරු මුදලිගේ ගේ විවාහ මංගල්‍යට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව සිටි බව මේ අතර වාර්තා වේ. එහි ඡායාරූප පහත දැක්වේ.





Share on Google Plus