'ශ්‍රී ලංකාව යුද අපරාධ කළේ නෑ' - බ්‍රිතාන්‍යය. - Info Sri Lanka News | Sinhala

'ශ්‍රී ලංකාව යුද අපරාධ කළේ නෑ' - බ්‍රිතාන්‍යය.


ශ්‍රී ලංකාව හා ශ්‍රී ලංකාවාසීන් වෙතත් එසේම ඔවුන්ගේ නායකයන් වෙතත් එල්ලවන යුද අපරාධ තර්ජන හා විදෙස් විනිසුරන්ගේ අඳුරු සෙවණැලි ඉවත් කිරීම බටහිර රටවල වගකීම බවත් විශේෂයෙන්ම මේ සඳහා ඇමෙරිකාව හා එංගලන්තය ක්‍රියාත්මක විය යුතු බවත් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශයක් මත සංහිඳියාව ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කිරීමේ විවාදයට එක්වෙමින් සාමි මන්ත්‍රි මණ්ඩලයේ සාමාජිකයෝ කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකාවට සහාය පළකරන බව පැවසූහ.

ඉකුත් බ්‍රස්පතින්දා පැවැත්වූ මෙම විවාදය කැඳවා තිබුණේ නේස්බි හි සාමිවරයා වන මයිකල් මොරිස් හා බාරොන් නෙස්බි විසිනි.

සංහිඳියාව ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා සහ රජය ගෙන යන ප්‍රයත්නයට සහාය දැක්වීම විශේෂයෙන්ම ඇමරිකාව සහ බි්‍රතාන්‍ය යන රටවල් ඇතුළු බටහිර රටවල වගකීම බව නේස්බි සාමිවරයා එහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජයේ කිසිවකුටත් දෙමළ සිවිල් වැසියන් ඝාතනය කිරීමේ ඕනෑකමක් නොවූ බව මෙම විවාදය හේතුවෙන් බි්‍රතාන්‍ය හඳුනාගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද නේස්බි සාමිවරයා පැවැසීය. ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේදී තුවාල ලැබූවන්ගේ ගණන 40,000ක් නොව 7000-8000 අතර සංඛ්‍යාවක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙතින් බි්‍රතාන්‍යය දැනගත යුතුව ඇති බවද නේස්බි සාමිවරයා පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ යුද්ධය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් බව බි්‍රතාන්‍ය හඳුනාගත යුතුව ඇතැයි අවධාරණය කළ නේස්බි සාමිවරයා එහෙයින් මානව හිමිකම් පිළිබඳ යුරෝපීය සම්මුතිය නොව ජාත්‍යන්තර මානුෂ නීතිය මෙහිදී අදාළ විය යුතුව ඇති බවද අවධාරණය කළේය.

"මම පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළා. එහිදී මට පෙනී ගියා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කර ඇති සියලු කරුණු සම්බන්ධයෙන් ප්‍රගතිශීලී පියවරගෙන ඇති බැවින් යුද අපරාධ චෝදනා සහ විදේශ විනිසුරුවරුන් යෙදවීම වැනි ප්‍රශ්න හේතුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන සාධනීය ක්‍රියාදාමයට ඇති වන බාධා ඉවත් කිරීමට බටහිර රටවල් කටයුතු කළ යුතුයි."

මෙම විවාදයට එක් වෙමින් කරුණු දැක්වූ බැරිජ් සාමිවරිය
"ආගමික සංහිඳියාව, නිදහස සහ ප්‍රතිවිරුද්ධ මත ඉවසීම වැනි ක්‍රියාදාමයන් තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය ඉටුකර ඇති විශිෂ්ට ක්‍රියාදාමයට අපි සහාය දැක්විය යුතුයි. විවිධ අන්තවාදී බලවේග හේතුවෙන් ජන සමාජයට වන හානිය වැළැක්වීමට රජය ගෙන යන ක්‍රියාදාමයට සහාය දැක්වීමත් වැදගත්."

කොක්ස් සාමිවරිය

"ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ රජය ගෙනයන වැඩපිළිවෙළට බි්‍රතාන්‍ය රජය සහාය දැක්විය යුතු බවට නේස්බි සාමිවරයා කළ ප්‍රකාශයට මා සම්පූර්ණ සහාය පළකරනවා. රටට සාමය, සංහිඳියාව සහ බලාපොරොත්තු ගෙන ඒමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටුකිරීමේ අභිලාෂයෙන් ඔහු කටයුතු කරනවා."

මෙහිදී අදහස් දැක්වූ බි්‍රතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති විම්බල්ඩන් සාමිවරයා වන අහමඩ්
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය 2016 මාර්තු මාසයේදී ආරම්භ වුණා. එය එරටේ මානව හිකම් තහවුරු කිරීමට ලැබෙන වැදගත් අවස්ථාවක්. අපි මේ පිළිබඳව විමසිලිමත් වෙනවා. රටේ තිරසර සාමය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට ඓතිහාසික අවස්ථාවක් ලැබී තිබෙන බව අපගේ විශ්වාසය යැයි එයට බි්‍රතාන්‍යයේ පූර්ණ සහාය ලැබෙන බව මා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට සහතික වී තිබෙනවා.

Share on Google Plus