ශ්‍රී ලංකන් වල ලොකු වෙනසක්.


මෙරට ජාතික ගුවන්සේවය වන ශ්‍රී ලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යුහගතකිරීමට නියමිත බව වාර්තා වේ.

මේ වන විට දැවැන්ත පාඩු ලබමින් පවතින මෙම ගුවන්සේවය කළමනාකරණය කිරීම සඳහා හවුල්කරුවෙකු සොයාගැනීම මේ වන විට අසීරු කටයුත්තක් බවට පත් වී ඇති බැවින් එය ලාභාදායි ආයතනයක් බවට පත්කිරීම සඳහා මෙම පියවර ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ වන විට එය ලංකා බැංකුව, මහජන බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව, කොමර්ෂල් බැංකුව, අමානා බැංකුව, ගුවන් ලීසිං සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (ඉන්ධන සඳහා) ඇතුළු දේශීය බැංකු සහ විදේශීය ඒජන්සි කිහිපයකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 518.35ක  මූල්‍ය පහසුකම් ලබා ගෙන ඇත.

මෙම මුළු මුදලින් ඩොලර් මිලියන 272.79 ක් තවමත් ගෙවා නොමැත.

ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නව කැබිනට් අනු කමිටුවක් සහ රාජ්‍ය නිලධාරීන්ගේ කමිටුවක් පත්කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කටයුතු කරන කැබිනට් අනුකමිටුවට කබිර් හෂීම්, මංගල සමරවීර, ආචාර්ය සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා හා මලික් සමරවික්‍රම යන ඇමතිවරුන් අයත් වේ.

මේ අතර, රාජ්‍ය නිලධාරීන්ගේ කමිටුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් - ආචාර්ය එච් එච් එස්. සමරතුංග මහතා ගේ ප්‍රධානීත්වයෙන් කටයුතු කරයි. 

Powered by Blogger.