RK සහ AMගේ ලිපිගොනු බැඳුම්කර කොමිසමෙන් ඉල්ලයි.


අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතාට වහාම අද (17) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඊයේ (16) නියම කෙරීණි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පර්පඩුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් පවත්වාගෙන ගියේ යැයි කියන RK සහ AM ලිපි ගොනු දෙකද අද ඉදිරිපත් කරන ලෙස කොමිසම සැමුවෙල් මහතාට නියම කර ඇත.

දරුණු හෘදයාබාධ තත්වයක් මත පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බව කියන ස්ටීව් සැමුවෙල් මහතා සුවය ලබා යළි නිවසට ගොස් ඇති බව අනාවරණය වීමෙන් පසු කොමිසම එලෙස නියම කර තිබේ.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31වැනිදාත් අතර කාලයේ මෙම වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව සිදුව ඇත.

කෙසේ නමුත් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාරවරයා කොමිසමට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වගකීම භාරගත් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා වෙනුවෙන් ඊයේ දිනයේ කොමිසම හමුවේ පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා, අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොමිසමට දන්වා ඇත්තේ තමන්ට ඔහු පිළිබඳව වගකීම භාරගත නොහැකි බවය.

තම සේවාදායකයා දින තුනක් පිට පිටම කොමිසමේ කැඳවීම මත කොමිසම හමුවට පැමිණ සිටි බවත් එහෙත් පෙර දිනයේ (බ්‍රහස්පතින්දා) සවස ඇතිවූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් මත රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බැවින් එදින පැමිණීමට නොහැකිව සිටින බවත් ඊයේ වනවිට ඔහු සුවපත්ව සිටියහොත් කොමිසම හමුවට ඉදිරිපත් කිරීමටත් නැතහොත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා කොමිසම හමුවේ වගකීම භාරගෙන තිබිණි.

ඊයේ දිනයේ එම නීතිඥවරයාට පැමිණීමේ අපහසුතාවක් හෙයින් තමා ඒ වෙනුවෙන් පෙනී සිටින බව කොමිසමට දන්වා සිටි නීතිඥ රාලිත අමරසේන මහතා ඉහත සඳහන් කළ පරිදි තම සේවාදායකයා සම්බන්ධ කර ගැනීමට ගත් සෑම උත්සාහයක්ම ව්‍යාර්තව ගිය බවත් ඒ අනුව ඔහු පිළිබඳව තවදුරටත් වගකීම භාර ගැනීමට තමනට නොහැකි බවත් කොමිසමට දන්වා ඇත.

(LT)

Powered by Blogger.