RK හා AM කළ යුතු කාර්යයන් දැක්වෙන ලිපි ගොනු දෙකක්.


හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කර දැනුම් දෙන ලිපිගොනු දෙකක්  පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගොස් ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ අද (03දා)අනාවරණය විය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ සහ ඔහුගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතාගේ කෙටිපණිවුඩ (එස්.එම්.එස්.) පරීක්‍ෂාකිරීමේදී මෙම තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවූ බව බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල මෙහෙයවමින් එහි කටයුතුවලට සහාය වන වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසමට දැනුම් දුන්නේය.

‘ඔබ කළ යුතු කාර්යයන්’ (Thing to do for you) යනුවෙන් සඳහන් කොට මෙම ගොනු දෙක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගොස් ඇති බව වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩිදුරටත් කොමිසමට දැනුම් දුන්නේය.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත්,2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි (සභාපති),ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්‍ෂි විභාග කිරීම සිදුකෙරේ.

බැඳුම්කර කොමිසමේ කටයුතුවලට සහාය වන වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්න විමසන අතරතුර කොමිසම අමතමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට ‘ඔබ කළ යුතු කාර්යයන්’ (Thing to do for you) යනුවෙන් සඳහන් කරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලිපි ගොනු දෙකක් පවත්වාගෙන ගොස් ඇතැයි පැවසීය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේහිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ සහ එම සමාගමේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතාගේ එස්.එම්.එස්. පණිවුඩ පරීක්‍ෂාකිරීමේදී R.K සහ A.M. යනුවෙන් සඳහන් පණිවිඩ ගණනාවක් තිබූ බවත්, එහි R.K යන්නෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාත්,A.M. යන්නෙන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාත් අදහස් කොට ඇති බවද දැනුම් දුන්නේය.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ සම්බන්ධයෙන් කොමිසමේ සාක්‍ෂි දෙමින් R.K සහA.M. යනුවෙන් පුද්ගලයන් ගණනාවක් හැඳින්විය හැකි බවත්, තමන් මේ පිළිබඳ කිසිවක් නොදන්නා බවත් පවසා සිටියේය.

කොමිසමේ වැඩිසුර සාක්‍ෂි විභාග කිරීම  සිදුකෙරේ.

Powered by Blogger.