රවීගේ අණින් ශ්‍රීලංකන් බරත් භාණ්ඩාගාරයට.


පසුගිය සැප්තැම්බර් මාසයට පෙර අලාභය පහත දමා සාර්ථක ප්‍රතිඵල පෙන්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දුන් උපදේශයකට අනුව, ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන සැලසුමක් රජයට ඉදිරිපත් කොට ඇත.

නමුත්, රාජ්‍ය මුදල් ප්‍රතිපාදන මත සිදු කරන එහි මෙහෙයුම් වියදම තවදුරටත් ඉතා ඉහළ මට්ටමක පවතී.

මාස හයක කාලයක් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මුදා හරින්නැයි 2016දී එවකට මුදල් ඇමති රවී කරුණානායක භාණ්ඩාගාරයට දුන් නියෝගයක් අනුව එසේ මුදල් ලබා දීමට භාණ්ඩාගාරය බැඳී සිටින බව පැවසේ.

ජනතා මුදල් නිකරුණේ වියදම් කරමින් ඉතා ඉහළ වැටුප් ලබන මෙම ගුවන් සමාගමේ ප්‍රධාන තනතුරු දරන්නන් එහි වියදම් අඩු නොකිරීම නිසා භාණ්ඩාගාරය අනවශ්‍ය බරක් දරමින් සිටී.

කරුණානායකගේ නියෝගයට අනුව, ලංකා බැංකුව හා මහජන බැංකුව හරහා රු. බිලියන 13.2ක මුදලක් ශ්‍රීලංකන් වෙත ලබා දීමට භාණ්ඩාගාරයට සිදුව ඇත.

මෑතකදී පත් කරනු ලැබූ එහි ප්‍රධාන විධායක නිලධාරී, කපිතාන් සුරේන් රත්වත්තේ තමන්ට වැටුප් වැඩි වීමක් අනුමත කරවාගෙන ඇති අතර, මේ වන විට ඔහුගේ වැටුප රු. මිලියන හතරක් වේ.

ඔහුට රු. මිලියන 10ක ප්‍රසාද දීමනාවක් ගෙවීමට වූ යෝජනාවක් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය මුදල් වර්ෂයේදී ශ්‍රීලංකන් හි අලාභය රු. බිලියන 28කි.

වෘත්තීමය සුදුසුකම් නොමැති දේශපාලන සහචරයින් තනතුරුවලට පත් කිරීම හා අකාර්යක්ෂම කළමනාකරණය සම්බන්ධයෙන් එම සමාගමට චෝදනා එල්ලව තිබේ.

(SLM)

Share on Google Plus