"කොයි ඕයි මගෙ ෆොටො එක?" - පොලිස්පති අසයි.


පොලිස් සේවා වනිතා ඒකකය මඟින් සහනාධාර භාණ්ඩ බෙදා දීමක් කුරුණෑගල දී සිදු කිරීමට ඊයේ (18)  සූදානම් කර තිබිණි. මෙය සංවිධානය කර තිබුණේ ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහගේ බිරිඳ විසිනි. 

අදාල බඩු භාණ්ඩ පටවා ගෙන කුරුණෑගල බලා යාමට පිටත් වන්නට සැරසෙද්දීම පොලිස්පතිවරයාගෙන් පණිවිඩයක් ලැබී තිබුණේ එම සහනාධාර බෙදීම වහාම නවතා දමන ලෙසය.  

මේ මොහොතේ පොලිස්පතිවරයාට ඇමතුමක් ගත් නන්දන මුණසිංහ ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා විමසා තිබුණේ "ඇයි සර් මේක නවත්තන්න කිව්වේ ?" කියාය. 

පොලිස්පතිවරයා ක්ෂණිකව පිළිතුරු දී තිබුණේ "අයිසෙ, මේකෙන් මාව ප්‍රමෝට් වෙන්නෙ නෑනේ ... කොයි ඕයි මගෙ ෆොටො එක ? මං ලස්සනට හිනාවෙලා ඉන්න ෆොටො එකක් දාලානෙ ඔය පාර්සල් ඔතන්න තිබ්බෙ ... එහෙම නැතුව ඔව්වා බෙදන්න එපා !" යනුවෙනි. 

දේශපාලකයන්ට පන්දම් අල්ලාම තනතුර ලබාගත් සහ මෙතක් රැකගත් පොලිස්පතිට දැන් දේශපාලක ගති කොතෙක් බෝ වී ඇත්දයත් ඔහු තමන්ට ප්‍රසිද්ධියක් නොලැබේ නම් අනුන්ට සහනාධාරයක්වත් බෙදීමට ඉඩ නොදෙන තැනට ගමන් කර සිටී. 

(LNW)

Powered by Blogger.