Ads Top

Ray Ad

ත්‍රෛනිකායික මහනා හිමිවරුන්ගේ ලිපියට ආණ්ඩුවෙන් පිළිතුරු දෙයි.


සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ඕනෑම පාර්ශ්වයක් සමග ඕනෑම මොහොතක සාකච්ඡා කිරීමට සූදානම් බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඔහු කියාසිටියේ මේ වනවිට සයිටම් ගැටලුව අධිකරණ කි‍්‍රයාමාර්ගයක් දක්වා ගොස් ඇති බැවින් අවසන් තීරණය ඇත්තේ අධිකරණය සතුව බවයි. 

සයිටම් ගැටලුව මුල් කරගනිමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට යොමුකළ විශේෂ ලිපිය පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

සයිටම් ආයතනය මුල් කරගෙන පැන නැගි ඇති අර්බුදය විසඳීමට ප‍්‍රමාද වීම රටට හිතකර නොවන බවයි ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් යොමුකළ ලිපියේ දැක්වෙන්නේ.

මෙම ගැටලූව තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොතබා අදාළ පාර්ශ්ව සියල්ලටම එකඟ විය හැකි විසඳුමක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසට ද අදාළ ලිපියේ තවදුරටත් සඳහන්. 

Powered by Blogger.