පුංචි ඡන්දය ජනවාරි 27 දා. - Info Sri Lanka News | Sinhala

පුංචි ඡන්දය ජනවාරි 27 දා.


ඉදිරි පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි 27 වැනිදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ සඳහා නාමයෝජනා කැඳවීම ලබන දෙසැම්බර් මුලදී ආරම්භවන බවද පැවසේ.

මේවන විට හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක සිය මැතිවරණ කටයුතු වෙන වෙනම සිදු කිරීමද ආරම්භ කර තිබේ.

ඒ අතර ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිපය එකතු කිරීමට දෙපාර්ශවයේම පිරිසක් උත්සාහගනිමින් සිටී. කෙසේවුවද ශ්‍රීලනිප සංවිධායකයින් ඇතුළු පිරිසකගේ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නුදුරේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද පැවසේ.

Share on Google Plus