අලුතින් මහ නගර සභා හා ප්‍රාදේශීය සභා කීපයක්.


අලුතින් මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා කිහිපයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසල් මුස්තාපා මහතා පැවැසීය.

මේ යටතේ නුවරඑළිය සහ අඹගමුව ප්‍රාදේශීය සභා 2, ප්‍රාදේශීය සභා 4 - 5 දක්වා බෙදන බවද කීවේය. එමෙන්ම උතුරු නැඟෙනහිර ඇතුළු ප්‍රදේශ කිහිපයක අලුතින් මහ නගර සභා ස්ථාපිත කරන බවද ඔහු කීවේය.


වැදගත් ලියවිල්ලක් අද මැ.කො ට

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විම සඳහා වූ ගැසට් පත‍්‍රයට අදාළ දල සටහන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය වෙත අද (13) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින්. මැතිවරණ කොමිසම පැවසුවේ අවශ්‍ය මුලික කටුතු අවසන් කිරීමෙන් පසු ලබන වසරේ ජනවාරි 06වනදා හෝ 27වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විමට හැකිවනු ඇති බවයි. 

මේ අතර, පාර්ලිමේන්තුවේදී ඉකුත්දා සම්මත කරගත් මහ නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශිය සභා සංශෝධන පනත්වලට කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ අත්සන් තැබුවා. රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ පැවසුවේ මෙම පනත් මුද්‍රණය කිරීම සඳහා සියලූ කටයුතු අවසන් කර ඇති බවයි. 

අද එහි මුල් පිටපත සෝදුපත් බැලීම සඳහා පාර්ලිමේන්තුව වෙත යොමු කරන බවයි රජයේ මුද්‍රණාලයාධිපතිවරිය කියා සිටියේ. එය අනුමත වූ පසු අදාල පනත් මුද්‍රණය කිරීමට කටයුතු කරන බවද ඇය කියා සිටියා. 

Share on Google Plus