එජාප ජේෂ්ඨ නායකයන්ගෙන් Bio Data ඉල්ලන අගමැති කාර්යාලයේ ලේකම් කවුද?


අගමැති කාර්යාලයෙන් හිටපු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ ජීව දත්ත සටහනක් (Bio Data) e-mail කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඒ, හිටපු අමාත්‍යවරයාට ඇමතුමක් ලබා දෙමිනි.

මෙසේ ඇමතුම ලබා දී ඇත්තේ අගමැතිවරයාගේ ලේකම්වරයෙක් බව පවසමිනි.

ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ ජීව දත්ත සටහනක් (Bio Data) ඉල්ලා සිටීම හාස්‍යයට කරුණක් වන්නේ එජාපයේ ජේෂ්ඨ නායකයෙක් සේම හිටපු කතානායකවරයෙකු ද වන එතුමා පිළිබඳව සියලු විස්තර පක්ෂය සතුව පැවතිය දීය.

කෙසේ නමුත් ඇමතිවරයා විසින් තමන්ට ඇමතුමක් ලබා දුන් ලේකම්වරයාට තමන්ගේ CV එක පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ගන්නා ලෙස පවසා ඇතැයි වාර්තා වේ.

පක්ෂයේ ජේෂ්ඨ නායකයන්ට දුරකථන ඇමතුම් ලබා දී ජීව දත්ත සටහන් (Bio Data) e-mail කරන ලෙස ඉල්ලා සිටීම එජාපයේ සහ අගමැති කාර්යාලයේ තොරතුරු හිඟකම ද? නැත්නම්  ජේෂ්ඨ නායකයන්ට අපහාස කිරීම දැයි එම පක්ෂයේ ක්‍රියාකාරීන් ප්‍රශ්ණ කර සිටියි.

කෙසේ නමුත් Info Sri Lanka News වෙත වාර්තා වන්නේ ජෝෂප් මයිකල් පෙරේරා මහතාට අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් ලබා දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන, ජා ඇල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස පත්කිරීමට තීරණය කර ඇති බවයි.

මේ දිනවල විදෙස්ගතව සිටීම හේතුවෙන් අදාළ පත්වීම් ලිපිය තවමත් කාවින්ද ජයවර්ධන වෙත ලබාදී නොමැති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ජා ඇල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස වෙනත් කෙනෙකු පත්කිරීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව හිටපු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා පවසයි.

ජා ඇල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් සංවිධායකවරයා තමන් බව පවසන හිටපු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා මහතා  තමන් ආරම්භ කළ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ද  මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

Powered by Blogger.