කන්ද උඩරට අලුත්ම තරු පහේ හෝටලය මෙන්න. [Photos]



Serene Holdings හි අනුබද්ධ සමාගමක් වන The Golden Crown Hotel Pvt. Ltd හිමිකාරීත්වය දරනු ලබන නවතම තරු පහේ සුඛෝපභෝගී හෝටලය වන The Golden Crown Hotel තව නොබෝ දිනකින් මහනුවර දී විවෘත වීමට නියමිතය.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙසින් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ආයෝජනයකින් ඉදි වූ මෙම සුපිරි හෝටල් සංකීර්ණය කාමර 90 කින් හා 2,000 කට වැඩි අමුත්තන් පිරිසකට එකවර සේවා සැපයිය හැකි උත්සව ශාලා පහසුකම්වලින් යුක්ත වේ.

මෙහි හෝටල් කාමර වර්ගීකරණය 72 Deluxe Rooms, 10 Junior Suites, 6 Premium Suites, Crown Suite 1 ක් හා Presidential Suite 1 ක් ලෙසින් දැක්වේ.

එසේම හෙලිකොප්ටර් ගොඩබැස්සවිය හැකි හෙලිපෑඩ් අංගනයක් ද The Golden Crown Hotel සතු වේ.

මහනුවර Serene Grand Hotel හා Serene Grand Villa, නුවර එළියේ Serene Kings Villawara Eliya හා Serene Villa සහ දැනට නුවර එළියේ ඉදිවෙමින් පවතින Tea Village හෝටල්වල අයිතිය Serene Holdings සතු වේ.








Powered by Blogger.