පොහොට්ටුවෙන් මෛත‍්‍රීට පණිවුඩ පෝලිමක්. - Info Sri Lanka News | Sinhala

පොහොට්ටුවෙන් මෛත‍්‍රීට පණිවුඩ පෝලිමක්.


නෙළුම් පොහොට්ටුව ලකුණ යටතේ රට පුරා ප‍්‍රචාරක කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට විශේෂ පණිවුඩ කිහිපයක් එවා ඇත.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරන්නේ මහින්දානන්ද අලූත්ගමගේ සහ පවිත‍්‍රා වන්නිආරච්චි යන මන්ත‍්‍රී-මන්තී‍්‍රනියන් හරහා මේ පණිවුඩ ලැබෙන බවයි. ඊළ`ග මැතිවරණයේ දී එක්ව තරග කරමු යන්න මෙසේ පොහොට්ටුව පාර්ශ්වයෙන් යෝජනා කර ඇති අතර, ඊට හිටපු ජනාධිපතිවරයාගේ පූර්ණ සහයෝගය ලැබෙන බව ද අදාළ පණිවුඩකරුවන් දන්වා ඇතැයි වාර්තා වේ.

මේ අතර ආදළ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ පොදුජන පෙරමුණ බලපෑම් කණ්ඩායමක් ලෙස පමණක් කටයුතු කළ යුතු බවයි. එසේ නොකොට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එරෙහිව මැතිවරණවලට ඉදිරිපත් වීම කිසිසේත්ම නොකළ යුතු බවත්, එමඟින් පක්ෂය දෙකඩ වීම වැළැක්විය නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබේ.  එසේම වෙනම ප‍්‍රචාරක කටයුතු කොට, පසුව එක්වීමේ උපක‍්‍රමයක් සම්බන්ධයෙන් ද යෝජනා වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා අකමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ. ශී‍්‍රලනිප පාක්ෂිකයන් තුළ ඒ හරහා වැරදි අදහසක් ඇති වනු ඇති බවත්, එය පක්ෂයේ අනාගතයට යහපත් නොවනු ඇති බවත් හිටපු ජනාධිපතිවරයා අදාළ යෝජනාවට පිළිතුරු ලෙස පවසා ඇත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අවධාරණය කර ඇත්තේ මැතිවරණයක දී වෙනත් පක්ෂයක් දිනවීමට වේදිකාවට නැගීම හේතුවෙන් මන්ත‍්‍රී ධුරය පවා අහිමි කිරීමට හැකි බවයි. ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් ඉදිරි මැතිවරණයට අදාළ තීරණ ගැනීමේ වැදගත්කම හිටපු ජනාධිපතිවරයා විසින් අවධාරණය කොට තිබේ.

-පරාක්‍රම දිසානායක

Share on Google Plus