විමල් විවේචනය කළ පියසිරිට වැඩ වරදියි. - Info Sri Lanka News | Sinhala

විමල් විවේචනය කළ පියසිරිට වැඩ වරදියි.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විවේචනය කිරීම සම්බන්ධයෙන් එම පක්යේ ජාතික සංවිධාක පියසිරි විජේනායක මහතා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීම මහතා පවසයි.

ආණ්ඩුව ගෙන එන ලබන ව්‍යවස්ථාව ජයග්‍රහණය කළහොත් පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු යැයි විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය නිසි ලෙස වටහා ගැනීමකින් තොරව පියසිරි විජේනායක මහතා කළ ප්‍රකාශයෙන් ඔහුගේ දේශපාලන අඩුවක් පෙන්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ හරහා පක්ෂය දෙකඩ කිරීමේ උත්සාහයක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.

Share on Google Plus