ශ්‍රීලනිප - එජනිස ලේකම්වරුන් ඉවත්කර ගැනීමේ යෝජනාවක්?


තමන් දරන ලේකම් ධුරවලින් ඉල්ලා අස්වැන්නයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් දෙදෙනා ගෙන් ඉල්ලීමක් කිරීමට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු සුදානමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

එම අමාත්‍යවරුන් දෙදෙනා අදාල ලේකම් ධුරවලින් ඉවත්කර 'මහින්ද පාර්ශවයට' ද පිළිගත හැකි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කරන්නැයි එම පක්ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට පසුගියදා යෝජනා කර ඇති බවත්, තමාට එවැනි ඉල්ලීමක් කල නොහැකියැයි ජනාධිපතිවරයා එහිදී පවසා ඇති බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ඒකාබද්ධය එජනිසට ගන්න කපුකමක්‌ :

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ, ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්වද එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සමඟ එකතු කර ගැනීම සඳහාය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය තවදුරටත් පුළුල් කර ගෙන ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම තමන්ගේ අරමුණ බව මෙම මෙහෙයුමට එක්ව සිටින ශ්‍රීලනිප අමාත්‍යවරුන් කියා සිටිති.

(SLM)

Powered by Blogger.