විමල් වීරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමට යෝජනා කරයි.


යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධව අත් ඔසවන්න මන්ත්‍රීවරු 76ක්වත් නැත්නම් පාර්ලිමේන්තුවට බෝම්බ ගසා ඉවරයක් කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

විමල් වීරවංශ සිරගතව සිටියදී ලියූ  ‘යදමින් බැඳි අක්‍ෂර’ කෘතිය කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ ඊයේ (22)  දින එලි දක්වන අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේය. දැනට සාකච්ඡාවට බභාජනය වෙමින් පවතින ව්‍යවස්ථාව සංහිදියාව නමින් ගෙන එන්නේ රට බෙදීමට බව පවසන මන්ත්‍රිවරයා එයට එරෙහිව තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා දීම වැලැක්වීමට අවශ්‍ය බව කීය. ඒ සදහා අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව වන 76ක්වත් නොමැති පාර්ලිමේන්තුවකට උඩින් ගිහින් බෝම්බ ගැසිය යුතු බව විමල් වීඍවංශ එහිදී කියා සිටියේය.

හිටපු ජනාධිපති කුරුනෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු එකාබද්ධ වපක්ෂයේ මන්ත්‍රිවරු ඇතුළූ පිරිසක් එම අවස්ථාවට සහභාගි වුහ.

Powered by Blogger.