මහින්ද මෛත්‍රී සමග එක්වනවාද? - විශේෂ සාකච්ඡාව අනිද්දා. - Info Sri Lanka News | Sinhala

මහින්ද මෛත්‍රී සමග එක්වනවාද? - විශේෂ සාකච්ඡාව අනිද්දා.

පළාත් පාලන මැතිවරණය පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් ලබන මස තුන් වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීමට නියමිතය.

එහිදී එළඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබද විශේෂ තීරණ රැසක් ගැනීමට නියමිත බව  වාර්තාවේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ විශේෂ රැස්විමක් අනිද්දා පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සාකච්ඡාව සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහභාගී වන්නේ ද යන්න පිළිබද එහිදී තීරණය කිරීමට නියමිතය.

Share on Google Plus