2017 නොබෙල් සාම ත්‍යාගය ICANන්ට.


2017 වසර සඳහා වූ නොබෙල් සාම ත්‍යාගයේ හිමිකරු මීට ටික වේලාවකට පෙර ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මෙවර සාම ත්‍යාගය හිමිවන්නේ න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය හෙවත් ICAN සංවිධානයටයි.

න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා වන සම්මුතීන් ක්‍රියාවට නැංවීම වෙනුවෙන් සිදුකළ කාර්යභාරය වෙනුවෙන් එම සංවිධානයට නොබෙල් සාම ත්‍යාගය හිමිවන බව නෝර්වීජියානු නොබෙල් කමිටුව ප්‍රකාශ කරයි.

2007 වසරේ ආරම්භ වූ මෙම ව්‍යාපාරයට මේ වනවිට රටවල් 101 ක සංවිධාන 468 ක් එක්ව සිටී.

ICAN සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා බියට්‍රිස් ෆිං ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් දුරකතනයෙන් දැනුම් දුන් අවස්ථාවේදී විමතියට පත්වූ බවයි. න්‍යෂ්ටික අවි අත්හැරීම සඳහා තම සංවිධානය ගෙනයන වැඩපිලිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමට නොබෙල් සාම ත්‍යාගය ලැබීම පිටිවහලක් වනු ඇති බව ද ඇය සඳහන් කරයි.

නොබෙල් සාම ත්‍යාගය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සුදුසුකම් ලබා තිබූ අතර ජනාධිපතිවරයාගේ නම අවසන් නම් කිහිපයට ද නිර්දේශ වී තිබිණි. 

Powered by Blogger.