පොහොට්ටුවට පක්ෂ 18ක් - ආණ්ඩුවට UNPයෙන් 18 ක්. - Info Sri Lanka News | Sinhala

පොහොට්ටුවට පක්ෂ 18ක් - ආණ්ඩුවට UNPයෙන් 18 ක්.


ඉදිරි මැතිවරණවලදී සන්ධානයක් වශයෙන් තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තවත් පක්ෂ 18ක් මූලික සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවරණයේදී ඒ ඒ පක්ෂ සඳහා ලබාදෙන මන්ත්‍රි සංඛ්‍යාව පිළිබඳව දැනට සාකච්ඡා කර ඇති බවද සඳහන් වෙයි.

මෙම සාකච්ඡා වටයන් අවසන් කිරීමෙන් පසු සෑම දේශපාලන පක්ෂයක් සමඟින්ම ගිවිසුම් ගත වීමට නියමිතය.

දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ මෙන්ම වෙනත් දේශපාලන පක්ෂ කිහිපයක්ද මෙලෙස සන්ධානගත වීමට නියමිත බව වාර්තා වෙයි.

ආණ්ඩුවට පාර පෙන්වන්න යූ.එන්.පියෙන් 18 ක්

ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පෙන්වමින් ඒවා නිවැරදි කොට පැහැදිලි ගමනක් යාම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නව වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇති බව රත්නපුර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා දේශය පුවත්පතට පවසා තිබේ.

ආණ්ඩුව විසින් ජනතාවට සිදුවිය යුතු යුතුකම් පොරොන්දු නිවැරදි ලෙස ඉටුකිරීමටත් යම් හෙයකින් මගහැරී ගිය ඇතැම් වැඩපිළිවෙළවල් මතක් කොට නැවත ක්‍රියාත්මක කිරීමට බලකිරීමත් යන කාරණා මෙම කණ්ඩායම හරහා සිදුකෙරෙන බවත් , ජනතාවගේ හඬට කන්දීම සඳහා මෙම කණ්ඩායම දැනටමත් ගමින් ගමට ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share on Google Plus